Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 2026

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

    March 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වේලක්කන්නි මාතා බැසිලිකා සිද්ධස්ථානයේ ශාඛාවක් ලංකාවට
    Featured

    වේලක්කන්නි මාතා බැසිලිකා සිද්ධස්ථානයේ ශාඛාවක් ලංකාවට

    By LFNJuly 30, 2023No Comments2 Mins Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලොව පුරා බැතිමතුන් මිලියන ගණනකගේ භක්තියට ආදරයට පත් තමිල්නාඩුවේ වේලක්කන්නි මාතා බැසිලිකා සිද්ධස්ථානයේ ශාඛාවක් මෙරටදී විවෘත කිරීම පසුගියදා සිදුවුණි.

    කල්පිටිය, උච්චමුනෙයි දූපතේ ඉදිකර ඇති එම දේවස්ථානය විවෘත කෙරුණේ තමිල්නාඩුවේ වේලක්කන්නි මාතා බැසිලිකා සිද්ධස්ථානයේ අධ්‍යක්ෂ පියතුමන්ගේ සහභාගීත්වයෙනි.

    ලංකාවේ වයඹ දිග පෙදෙසේ කල්පිටියට ඉහළින් පිහිටි උච්චමුනෙයි ගම්මානය මේ වනවිට ධීවර පවුල් 200කගේ පමණ වාසස්ථානයකි.

    කල්පිටියේ සිට උච්චමුනෙයි ගම්මානයට ප්‍රවේශවීමට වැලිතලාවක් තිබුණද, එය ජනතාවට ගමන්කළ හැකි මාර්ගයක් ලෙස සංවර්ධනය වී නොමැති නිසා අදටත් උච්චමුනෙයි හැඳින්වෙන්නේ දූපතක් ලෙසය.

    පාරම්පරික ජනාවාසවලින් සමන්විත උච්චමුනෙයි ගම්මානය තුළ අදටත් විධිමත් පානිය ජල පද්ධතියක් හෝ විදුලිබල පද්ධතියක් ස්ථාපිත වී නොමැත.

    එබැවින් කුප්පි ලාම්පුවෙන් නිවෙස් එළියවෙන මේ දූපතේ මිනිසුන් පිපාසය සංසිදුවා ගන්නේ දූපතේ කුහර සාදා ලබාගන්නා ජලයෙනි.

    ගුරුවරුන් 12 දෙනෙකු පමණක් සිටිනා උච්චමුනෙයි පාසලේ පන්ති පැවැත්වෙන්නේ 8 ශ්‍රේණිය දක්වා පමණි.

    මෙවැනි වටපිටාවක උච්චමුනෙයි ජනතාවට තම අනාගතය පිළිබඳව සුබවාදී බලාපොරොත්තුවක් පසුගියදා ඇතිවුණි.

    ඒ, වසරකට මිලියන ගණනක බැතිමතුන් පිරිසක් වන්දනාවේ යෙදෙන ලෝක ප්‍රකට තමිල්නාඩුවේ වේලක්කන්නි මාතා බැසිලිකා සිද්ධස්ථානයේ ශාඛාවක් එහි ස්ථාපිත කිරීමය.

    ධීවර බෝට්ටු පෙරහරින් දේවස්ථානය වෙත රැගෙන ආ වේලක්කන්නි මාතා ප්‍රතිමාව එහි තැන්පත් කිරීමෙන් පසු හලාවත පදවියේ රදගුරු අතිඋතුම් වැලන්ස් මෙන්ඩිස් හිමියන්ගේ අතින් දේවස්ථානය විවෘත කෙරුණි.

    දිව්‍ය පුජාව අවසානයේ තමිල්නාඩුවේ වේලක්කන්නි දේවස්ථානයෙන් රැගෙන ආ විශේෂ ප්‍රතිමාවෙන් ජනතාව ආසිරි ගැන්වීය.

    මෙම අවස්ථාව සඳහා ලෝක ප්‍රකට තමිල්නාඩුවේ වේලක්කන්නි මාතා බැසිලිකා සිද්ධස්ථානයේ අධ්‍යක්ෂ ගරු ඉරුදේරාජ් පියතුමන්ද සහභාගීවී සිටීම විශේෂත්වයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 2026

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 202604 Views

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා සහ ආම්පන්න ලබාදීම අද (23) ධීවර හා…

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.