ව්‍යාජ වීසා බලපත්‍රයක් සමඟ කාන්තාවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තාව පිළිබඳ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සැක සිතී ගුවන්තොටුපොළ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් දැනුම්වත් කර ඇත.
එම අවස්ථාවේදී අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, කාන්තාවට අමතරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අදාළ කාන්තාවට ව්‍යාජ වීසා බලපත්‍රය ලබා ගැනීම සඳහා සහාය වී ඇත්තේ, මෙම නිලධාරියා බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් දෙදෙනා අද (28) මීගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී කාන්තාවට ඇප ලැබුණු බව වාර්තා වෙයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියා අගෝස්තු 11 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.