අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම මහජන බැංකු ශාඛා එනම් සෙනසුරාදා පෙරවරු 08.30 සිට විවෘතව තැබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.ඩී. සුමනසේකර මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ අවශ්‍ය වුවහොත් අනිද්දා එනම් ඉරිදාත් බැංකු විවෘත කර තැබෙන බවය.