ශ්‍රී ලංකා යුද හමුදා විශ්‍රාමික මේජර්වරියක වන මනීෂා ඉන්දීවරී වික්‍රමසිංහ ඊ සසුන්ගත වූවාය..
ඒ කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නාමයෙනි.
මෙම සුවිශේෂී සසුන්ගතකිරීමේ පිංකම සිදුකර ඇත්තේ මොනරාගල, වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදීය.
35 හැවිරිදි වියේ පසුවන ඇය ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිදහස් ආර පැරෂුට් පැනීමේ ප්‍රථම කාන්තා නිලධාරිනිය ද විය.
විදෙස් පැරෂුට් තරගාවලිවලට පවා සහභාගී වී ඇති ඇය වාර හාරසිය අනූවකට ආසන්න ප්‍රමාණයක් පැරෂුට් ආධාරයෙන් බිමට පැන ඇති බවට සඳහන් වෙයි.