Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තැන්පතුකරුවන් රවටා මූල්‍ය ආයතනයක ලොක්කා පැන යයි
    Featured

    තැන්පතුකරුවන් රවටා මූල්‍ය ආයතනයක ලොක්කා පැන යයි

    By LFNJuly 28, 2023No Comments2 Mins Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුණෑගල පිහිටි ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් නම් මූල්‍ය ආයතනය මගින් වෛද්‍යවරුන් හා විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් 8,000ගෙන් පමණ රුපියල් කෝටි 990ක මුදලක් වංචා කර ඇතැයි මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අනාවරණ කරගෙන තිබේ.

    මේ වනවිට එහි හිමිකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අදාළ කොට්ඨාසය අනාවරණ කරගෙන ඇත්තේ වෛද්‍යවරුන් හා විශ්‍රාමික හමුදා සෙබළුන් රැසක් මෙම ජාවාරමට හසුවී ඇති බවය.

    එමෙන්ම අදාළ මූල්‍ය සමාගම මගින් වංචාකර ඇති මුදල රුපියල් කෝටි 990ක් පමණ වන බවද මේ වනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත.

    අදාළ සමාගම ආරම්භයේදී මසකට සියයට 6ක පොලියක් ලබාදී ඇති අතර පසුව එම පොලී මුදල් ලබාදීම පැහැර හැර තිබේ.

    මේ වනවිට එය මහ බැංකුව මගින් තහනම් කර ඇති අතර අනතුරුව එහි අධ්‍යක්ෂවරයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.

    ඒ පිළිබඳව විමසීම සඳහා තැන්පත්කරුවන් අදාළ පුද්ගලයාගේ නිවසට ගොස් ඇති අවස්ථාවලදී එහි සිටි ඔහුගේ ආරක්ෂකයින් තමන්ට තර්ජනය කළ බව තැන්පත්කරුවන් පවසයි.

    තවත් විශ්‍රාමික හමුදා සෙබළෙකු එහි කළමනාකරු ලෙස කටයුතු කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකය.

    එමෙන්ම තැන්පත්කරුවන් තැන්පත් කළ මුදල්වලින් අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයා කුරුණෑගල වැව රවුමේ ඇතුළු ප්‍රදේශ රැසක සුඛෝපභෝගී නිවාස හා ඉඩම් මිලදීගෙන ඇති බව සිදුකළ විමර්ශනවලදී පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

    ඒ අනුව විමර්ශන නිලධාරීන් මේ වනවිට ඔහුට විදෙස් ගමන් තහනමක්ද අධිකරණය මගින් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 202603 Views

    2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ…

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.