රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය ජනපති වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.
ජනපති සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
වෙළෙඳපොළ වටිනාකම සහ කාර්ය සාධනය පදනම් කරගත් නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම, බුද්ධි ගලනය වැළැක්වීම සඳහා සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ගේ වැටුප් සංශෝධනය මෙන්ම වෛද්‍යවරුන්ට හිමි දීමනා සංශෝධනය පිළිබඳව මෙහිදී ඔවුන් ජනාධිපතිවරයා වෙත අදහස් ඉදිරිපත් කර තිබේ.