Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිල්ලියේ සිදුවූ පිපිරීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

    November 11, 2025

    ගුවන් ගැල් ගම්මානයට අනවසරයෙන් ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

    November 11, 2025

    උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්

    November 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වකුගඩු සැත්කම් නැවතීමේ අවදානමක්
    Featured

    වකුගඩු සැත්කම් නැවතීමේ අවදානමක්

    By LFNJuly 27, 2023No Comments1 Min Read187 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ මාළිගාවත්තේ පිහිටි ජාතික වකුගඩු රෝහල ඇතුළු දිවයිනේ වකුගඩු රෝහල්වල පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඉදිරියේදී ශල්‍යකර්ම නැවතීමේ අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ඖෂධ තොග නිසි පරිදි පවත්වාගෙන නොයෑම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් හදිසි ඖෂධ මිලදී ගැනීමකට සූදානම් බවය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

    “ජාතික වකුගඩු රෝහල ඇතුළු වකුගඩු රෝහල්වල වකුගඩු බද්ධකිරීමේ සැත්කම් නැවතීමේ අවදානමක් සම්බන්ධයෙන් ඖෂධවල අඩුවීමක් තියෙනවා. සමහර ඖෂධ ඇත්තෙම නැහැ ඒ තත්ත්වය යටතේ ඉදිරියේදී ශල්‍යකර්ම නැවතීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක් මේ වෙනකොට සිද්ධවෙලා තියෙනවා. නැවත මේක නැවතුනාට පස්සේ විකල්පය වෙන්නේ හදිසි මිලදීගැනීම් විතරයි. එතකොට ලක්ෂ දෙකේ වෑල් එක ලක්ෂ විස්සට තිහට මිලදීගන්න පුළුවන්. දැනටමත් පෞද්ගලික අංශයේ සමහරු ඒවා ගෙනල්ලා ගබඩා කරගෙන ඉන්නවා ද දන්නේ නෑ. හදිසි මිලදීගැනීම්වලට යන්න වෙන්නේම ගොඩක් වෙලාවට මේගොල්ලෝ කියන කාරණය තමයි ඖෂධ නියාමන අධිකාරිය තුල එක ඖෂධයකට සැපයුම් කරුවන් ඉන්නේ එක්කෙනයි නැත්නම් දෙන්නයි. සමහරවිට ඒ දෙන්නා චෙනාන්විතවම මේකෙන් ඉවත් කරනවා. මොකද ඒ අය කළින් ගෙන්වපු ඖෂධවලට රුපියල් මිලියන ගණන් තියෙනවා නම් හිඟ මුදල් ගෙවන්න ඒවා ගෙවන්නේ නැතුව පරක්කු කළාම ඒ අය මේ වැඩෙන් අයින් වෙනවා. ඒගොල්ලොත් බිස්නස් එකක් නේ කරන්නේ. එතකොට අවසානයේදී සිද්ධවෙන්නේ ලියාපදිංචි නොවුණු සැපයුම් කරුවෙක් හරහා තත්ත්වයෙන් බාල ඖෂධයක් ගෙන්වනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිල්ලියේ සිදුවූ පිපිරීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

    November 11, 2025

    ගුවන් ගැල් ගම්මානයට අනවසරයෙන් ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

    November 11, 2025

    උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    දිල්ලියේ සිදුවූ පිපිරීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

    November 11, 20250122 Views

    ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදුවූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක්…

    ගුවන් ගැල් ගම්මානයට අනවසරයෙන් ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

    November 11, 2025

    උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්

    November 11, 2025

    21 රැලිය ගැන සාකච්ඡාවට නාමල් දස වසරකට පසු ශ්‍රීලනිප මූලස්ථානයට

    November 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.