Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වකුගඩු සැත්කම් නැවතීමේ අවදානමක්
    Featured

    වකුගඩු සැත්කම් නැවතීමේ අවදානමක්

    By LFNJuly 27, 2023No Comments1 Min Read187 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ මාළිගාවත්තේ පිහිටි ජාතික වකුගඩු රෝහල ඇතුළු දිවයිනේ වකුගඩු රෝහල්වල පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඉදිරියේදී ශල්‍යකර්ම නැවතීමේ අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ඖෂධ තොග නිසි පරිදි පවත්වාගෙන නොයෑම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් හදිසි ඖෂධ මිලදී ගැනීමකට සූදානම් බවය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

    “ජාතික වකුගඩු රෝහල ඇතුළු වකුගඩු රෝහල්වල වකුගඩු බද්ධකිරීමේ සැත්කම් නැවතීමේ අවදානමක් සම්බන්ධයෙන් ඖෂධවල අඩුවීමක් තියෙනවා. සමහර ඖෂධ ඇත්තෙම නැහැ ඒ තත්ත්වය යටතේ ඉදිරියේදී ශල්‍යකර්ම නැවතීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක් මේ වෙනකොට සිද්ධවෙලා තියෙනවා. නැවත මේක නැවතුනාට පස්සේ විකල්පය වෙන්නේ හදිසි මිලදීගැනීම් විතරයි. එතකොට ලක්ෂ දෙකේ වෑල් එක ලක්ෂ විස්සට තිහට මිලදීගන්න පුළුවන්. දැනටමත් පෞද්ගලික අංශයේ සමහරු ඒවා ගෙනල්ලා ගබඩා කරගෙන ඉන්නවා ද දන්නේ නෑ. හදිසි මිලදීගැනීම්වලට යන්න වෙන්නේම ගොඩක් වෙලාවට මේගොල්ලෝ කියන කාරණය තමයි ඖෂධ නියාමන අධිකාරිය තුල එක ඖෂධයකට සැපයුම් කරුවන් ඉන්නේ එක්කෙනයි නැත්නම් දෙන්නයි. සමහරවිට ඒ දෙන්නා චෙනාන්විතවම මේකෙන් ඉවත් කරනවා. මොකද ඒ අය කළින් ගෙන්වපු ඖෂධවලට රුපියල් මිලියන ගණන් තියෙනවා නම් හිඟ මුදල් ගෙවන්න ඒවා ගෙවන්නේ නැතුව පරක්කු කළාම ඒ අය මේ වැඩෙන් අයින් වෙනවා. ඒගොල්ලොත් බිස්නස් එකක් නේ කරන්නේ. එතකොට අවසානයේදී සිද්ධවෙන්නේ ලියාපදිංචි නොවුණු සැපයුම් කරුවෙක් හරහා තත්ත්වයෙන් බාල ඖෂධයක් ගෙන්වනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.