තම කුඩා දරුවාගේ සිරුරට උණු වතුර වත්කළ පියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.
එම පුද්ගලයා තලවකැලේ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සිදුවීමෙන් තුවාල ලබා ඇත්තේ 03 හැවිරිදි වියේ පසුවන කුඩා පිරිමි දරුවෙකි.
පිළිස්සුම් තුවාල සිදුවීම හේතුවෙන් අදාළ දරුවා ප්රතිකාර සඳහා ලිඳුල රෝහලට ඇතුළත් කර ඇත.
පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ දරුවා සැකකාර පියාගේ මව විසින් රැකබලාගෙන ඇති බවය.
සැකකාර පියා සහ දරුවාගේ මව කොළඹ ප්රදේශයේ නේවාසිකව රැකියාවක නිරතව සිට තිබේ.
ඊයේ දිනයේ මෙම සැකකාර පියා බීමතින් ලිඳුල ප්රදේශයේ එම නිවස වෙත පැමිණ මව සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙලෙස මුළුතැන්ගෙය තුළ තිබූ කේතලය ගෙන දරුවාගේ සිරුරට උණුවතුර දමා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු (26) නුවරඑලිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ලිඳුල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.