ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයක් සොයාගෙන ඇත.
ඒ, සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක සිදුකරන ලද ආවේක්ෂණ රාජකාරිවලදී ය.
එහිදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකපිට පාර්සල් 09 පරීක්ෂණ කටයුතු සඳහා රඳවාගෙන තිබුණි.
මෙම පාර්සල් නෙදර්ලන්තය හා අමෙරිකාවේ සිට කොළඹ, මහරගම හා පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබුණි.
පසුව අනාවරණය වී ඇත්තේ ඒවා ව්‍යාජ ලිපිනයන් බවය.
අදාළ පාර්සල් විවෘත කර බැලීමේදී මත්පෙති 2,000ක් හා කුෂ් කිලෝ 04ක්, මත්ද්‍රව්‍ය අඩංගු හතු ග්‍රෑම් 300ක් (magic mushroom) සහ මත්ද්‍රව්‍ය අඩංගු චොකලට් තොගයක් සොයාගෙන තිබේ.
මෙම භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 70 කට ආසන්න බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය.