ජාතික සංහිඳියාව වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා කැඳවා ඇති සර්වපාක්ෂික සමුළුවට සිය පක්ෂය සම්බන්ධ වන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඊයේ (25) බිබිල මැදගම ජාතික පාසලට බස් රථයක් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වූ අවස්ථාවේදී සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව ප්‍රකාශ කළේය.
එම සමුළුව (26) පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, නිදහස ජනතා සභාව නියෝජනය කරන පක්ෂ සහ ජාතික නිදහස් පෙරමුණ මෙම හමුවට සහභාගී වන බව දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් ජාතික ජන බලවේගය ඊට සහභාගී නොවන බව එහි ජාතික විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කළේය.