ඌරුබොක්ක, හිගොඩ ප්රදේශයේ දී පසුගියදා නිවසකට ඇතුල්වී නිවැසියන් බියට පත් කර මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඌරුබොක්ක පොලිස් නිලධාරින් විසින් විමර්ශනයක් සිදුකර අදාළ සැකකරුවන් ඊයේ(24) උදෑසන කාලයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
පොලිසිය සදහන් කළේ, අදාළ සැකකරුවන් සතුව රුපියල් 150000 මුදලක්ද තිබූ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 35ක් වන අතර ඔහු කාරියමඩ්ත්ත මිද්දෙණිය ප්රදේශයේ පදිංච්කරුවෙක්.
සැකකරු අද(25) මොරවක මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියම්තයි.
මොරවක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.