Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රනිල් වෙනුවෙන් විපක්ෂයේ ප්‍රබලයින් රැසක් විපක්ෂ නායක කාර්යාලයට

    August 25, 2025

    විද්‍යා ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින දෙයි

    August 25, 2025

    රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩබලන අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්

    August 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංහිඳියා සර්ව පාක්ෂික සමුළුව සජබ,ජාජබ වර්ජනය කරයි
    Featured

    සංහිඳියා සර්ව පාක්ෂික සමුළුව සජබ,ජාජබ වර්ජනය කරයි

    By LFNJuly 25, 2023No Comments1 Min Read204 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ජාතික සංහිඳියා වැඩපිළිවෙල පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා කැඳවා තිබෙන සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සමගි ජනබලවේගය සහ ජාතික ජන බලවේගය පක්ෂ තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    අදාළ සර්ව පාක්ෂික සමුළුව (26) වැනිදා පස්වරු 5.30 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙයි.

    ඒ සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ පමණක් නොව ස්වාධීන කණ්ඩායම් වල නායකයන්ට ද ජනාධිපති කාර්යාලය විසින් ආරාධනා කර තිබිණි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා උතුරු නැගෙනහිර ද්‍රවිඩ නායකයන් හමුවූ අවස්ථාවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මෙරට ජාතික සංහිඳියා ප්‍රයත්නය ඊළඟ පරපුරට උරුම නොකර විසඳීම තම අරමුණ බවයි.

    එසේම ජාතික සංහිඳියා වැඩපිළිවෙල දේශපාලනය වෙනුවෙන් යොදා ගැනීම තම ප්‍රතිපත්තිය නොවන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය .

    පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් එකඟතාව පළ කරන්නේ නම් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම වුවත් බලාත්මක කිරීමට තමන් සූදානම් බවද එහිදී ජනාධිපතිවරයා කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රනිල් වෙනුවෙන් විපක්ෂයේ ප්‍රබලයින් රැසක් විපක්ෂ නායක කාර්යාලයට

    August 25, 2025

    රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩබලන අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්

    August 25, 2025

    කැරම් බෝඩ් නඩුවේ ඇප ඉල්ලීම කල් යයි

    August 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,349 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,281 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,537 Views
    Don't Miss

    රනිල් වෙනුවෙන් විපක්ෂයේ ප්‍රබලයින් රැසක් විපක්ෂ නායක කාර්යාලයට

    August 25, 20250120 Views

    විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් රැසක් අද (25) දහවල් විපක්ෂ නායක කාර්යාලයට රැස්ව තිබේ. ඒ රක්ෂිත බන්ධනාගාරගත…

    විද්‍යා ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින දෙයි

    August 25, 2025

    රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩබලන අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්

    August 25, 2025

    කැරම් බෝඩ් නඩුවේ ඇප ඉල්ලීම කල් යයි

    August 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.