කළුතර උතුර වස්කඩුව මුහුදේ ඊයේ (23) දහවල් දියනාමින් සිටියදී මුහුදේ ගසාගෙන ගිය රුසියානු ජාතික යුවළක් බේරාගැනීමට යෑමේදී ජීවිතාරක්ෂක නිලධාරියෙක් මුහුදේ ගිලී මියගොස් තිබේ.
මුහුදේ ගසාගෙන ගිය රුසියානු ජාතික යුවළ ඇතුළු සිව්දෙනෙක් ප්රදේශයේ තරුණ පිරිසක් විසින් බේරාගැනීමට සමත්ව ඇත.
මුහුදේ ගිලී මියගොස් ඇත්තේ කළුතර උතුර සුමංගල පාරේ පදිංචිව සිටී ජී. ධනුෂ්ක ප්රියදර්ශන පෙරේරා නැමති 36 හැවිරිදි දෙදරු පියෙකි.
මියගොස් ඇති තැනැත්තා වස්කඩුව ප්රදේශයේ සංචාරක හෝටලයක ජීවිතාරක්ෂක නිලධාරීයෙක් ලෙස සේවය කරන අයෙකි.
රුසියානු කාන්තාව විසින් “හෙල්ප්, හෙල්ප්” යනුවෙන් කෑ ගසමින් උදව් ඉල්ලූ බව සිද්ධිය ඇසින් දුටුවන් පැවසීය.
එහිදී ජීවිතාරක්ෂක නිලධාරියා එක්වරම මුහුදට පැන පිහිනා යමින් සිටිය දී ඔහුව සැඩ රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇත.
එම අවස්ථාවේ දී හෝටලයේ සිටි සේවකයින් දෙදෙනෙක් මුහුදට පැන ඇති අතර, ඔවුන් දෙදෙනා ද මුහුදේ ගසාගෙන ගොස් තිබේ.