ඝාතනයට ලක් වූ අඟුරුවාතොට මව සහ කුඩා දියණිය ගේ අවසන් කටයුතු සිදු කරමින් සිටියදී දෙපිරිසක් අතර ඇතිවූ ගුටි බැට හුවමාරුවක් දැඩි පරිශ්රමයක් දරා පාලනය කිරීමට අඟුරුවාතොට පොලීසියේ නිලධාරීන් සමත් විය.
ඉකුත් 18 වෙනිදා වනදා පස්වරුවේ සිට අතුරුදන්ව සිටි මව සහ කුඩා දියණියගේ සිරුර දින තුනකට පසු රත්මල්ගොඩ කැලෑබද ප්රදේශයක තිබියදී හමුවිය.
එම ඝාතන සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා ගේ මස්සිනා පොලිස් අත්අඩංගුවට පත්විය.
ඔවුන්ගේ සිරුරු මිහිදන් කිරීමට සූදානම් වෙද්දී එම ගැටුම ඇරඹුණු බව .
එම ස්ථානයට පැමිණ සිටි ඝාතනය ට ලක්වූ කාන්තාවගේ පාර්ශවයේ පුද්ගලයකු කාන්තාව ගේ සැමියාට යමක් පවසමින් තර්ජනය කිරීමත් සමගම එහි සිටි පිරිස අතර ගුටිබැට හුවමාරු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
එම අවස්ථාවේදී වහා ක්රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට අතිරේක පොලිස් කණ්ඩායමක් ද කැඳවීමට පියවර ගත්තේය.
අනතුරුව අවමඟුල් උත්සවය සඳහා පැමිණි ඝාතනයට ලක්වූ කාන්තාවගේ පාර්ශ්වයේ පිරිස රැගත් වෑන් රථය අඟුරුවාතොට පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට ද පියවර ගත්තේය.