වවුනියාවේ ඕමන්තමා දර්පනික්කිමහිලන්කුලම් ප්‍රදේශයේ ළිදකින් යුද උපකරණ හා අවි ආයුධ විශාල ප්‍රමාණයක් ඊයේ (22) ගොඩ ගෙන තිබෙනවා.
අදාල වත්තේ අයිතිකරු විසින් සිය ළිද සුද්ධ කිරීමට ගිය අවස්ථාවේ දී මෙම යුද උපකරණ මතු වී ඇති අතර ඒ පිළිබදව ඔහු ඕමන්ත පොලිසියට දැණුම් දීමෙන් පසුව පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් පැමිණ ළිදේ ජලය හිස් කොට යුද උපකරණ හා අවි ආයුධ තො ගය ගොඩ ගෙන තිබෙනවා.
ගොඩ ගත් දේ වල් අතර අත් බෝම්බ කීපයක් ටි-56 වර්ගයේ පතුරො ම් 26 ක් තවත් පතුරොම් 38ක් පතුරොම් බහාලුම් 6ක් ඇතුළු තවත් යුද උපකරණ රැසක් හමු වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වවුනියා ව අධිකරණය දැනුවත් කොට ගොඩ ගත් යුද උපකරණ පුපුරවා විනාශ කිරීමටත් එම ද්‍රව්‍ය හමු වූ ළිද තව දුරටත් ගැඹුරු
කිරීමටත් අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබෙනවා.