වැල්ලව, වරද්දන ප්‍රදේශයේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් ගත් කුඩා ලොරි රථයක් ඊයේ (22) අනුරාධපුරය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයකු මිය ගොස් තිබෙනවා.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියැදුරු වන අතර තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු වැල්ලව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.
මිය ගිය අය වයස අවුරුදු 38 ක් වූ නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන වැල්ලව පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
මේ අතර, ඊයේ (22) රාත්‍රී කුරුණෑගල මාර්ගයේ මාමනුව ප්‍රදේශයේදී පාදෙණිය දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ මොටර් රථයක මාර්ගයේ ගමන් ගත් පදික පුද්ගලයකු ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් සසු මිය ගොස් තිබෙනවා.
මිය ගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
අනතුරට අදාළ මොටර් රථයේ රියැදුරු ද තුවාල ලබා වාරියපොළ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වාරියපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
කුරුණෑගල ප්‍රදේශයෙන් තවත් මාරක රිය අනතුරක් වාර්තා වෙනවා.
එනම්, ඊයේ (22) සවස් කාලයේ කුරුණෑගල – මීගමුව මාර්ගයේ මල්කඩුවාව ප්‍රදේශයේදී කුරුණෑගල දෙස සිට මීගමුව දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරු පැදියකට ඉස්සර කිරීමට යාමේදී ලොරි රථය යතුරු සැදියේ ගැටීමෙන්.
පොලිසිය පවසන්නේ මෙම අනතුරින් බරපතළ කුවාල ලැබූ පසුපැදිකාරිය කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි.