පාකිස්තාන වැසියන් 12,000 කට වැඩි පිරිසක් විවිධ රටවල සිරගතවී සිටින බව පාකිස්තාන මාධ්‍ය පවසයි.
ඒ, විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ය.
එරට මාධ්‍ය පැවසුවේ පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් විදේශ රටවල බන්ධනාගාරවල සිර කරසිටින පාකිස්තානුවන්ගේ තොරතුරු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවය.
ඉන් වැඩි පිරිසක් රඳවා සිටින්නේ මැදපෙරදිග කලාපීය රටවල බවද සඳහන් ය.
එලෙස මැදපෙරදිග කලාපීය රටවල සිරමැදිරි තුළ සිටින පිරිසෙන් වැඩිම පිරිසක් රඳවා සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බවද එම සංඛ්‍යාව 6,200ක් පමණ වන බවත් වාර්තාවී තිබේ.