නවගමුව ප්‍රදේශයේ අසපුවක වැඩ වාසය කළ හිමි නමකගේ අපවත් වීම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුගිය 20 වනදා හිමි නම සිය සිරුරට ගිනි තබාගෙන අපවත් වී ඇති බවට ලද තොරතුරකට අනුව නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානය වෙත ගොස් ඇත.
පොලීසිය පවසන්නේ, කඩුවෙල මහෙස්ත්‍රාත්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා එම ස්ථානය වෙත ගොස් පරීක්ෂණ කටයුතු සිදුකර ඇති බවය.
මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව පොලීසිය සැක පළ කරන්නේ, එම හිමිනම ගිනි තබාගැනීම හේතුවෙන් අපවත් වී ඇති බවටයි.
වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙලෙස අපවත් වී ඇති 81 හැවිරිදි හිමිනම විසින් චිතකයක් සාදවා එහි සිට මෙලෙස සිය සිරුරට ගිනි තබාගෙන ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.