Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්

    November 11, 2025

    21 රැලිය ගැන සාකච්ඡාවට නාමල් දස වසරකට පසු ශ්‍රීලනිප මූලස්ථානයට

    November 11, 2025

    මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍යවල තොරතුරු හෙළිවෙයි

    November 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ටෙලිකොම් සේවකයින්ගෙන් දැඩි තීරණයක්
    Featured

    ටෙලිකොම් සේවකයින්ගෙන් දැඩි තීරණයක්

    By LFNJuly 21, 2023No Comments1 Min Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුමන කුමන්ත්‍රණය සිදුකළත් ටෙලිකොම් සතු ඉතිරි කොටස් විකිණීමට සේවකයින් ඉඩ නොතබන බව ශ්‍රී ලංකා විදුලි සන්දේශ සේවක සංගමය පවසයි.

    ටෙලිකොම් වෘත්තිය සමිති ඊයේ (20) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ පිළිබඳ සිය ස්ථාවරය ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකා විදුලි සන්දේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ මහතා,

    “ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කරලා තිබෙනවා අධ්‍යක්ෂ මණ්ඩලය තුළ. එහි සභාපති ධුරය දැනුවේ මෙම අලුතෙන් පත්වූ රියාස් කියන සභාපතිවරයා. මොන කුමන්ත්‍රණය කළත් ටෙලිකොම් ඉතිරි කොටස් විකිණීමට සේවකයින් අවස්ථාව ලබාදෙන්නේ නැහැ.”

    ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමයේ සභාපති අතුල බොතේජු,

    “අපේ සේවකයින්ට සහ අපේ ආයතනයට එරෙහිව කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තමයි මේ යන්නේ. සෑහෙන්න පිරිසක් ගෙදර යවන්න බලාගෙන ඉන්නවා. කළමනාකාරීත්වය ටෙලිෂොප් ටික විකුණන්න කටයුතු කරගෙන යනවා.”

    මේ අතර අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයක් මගින් තමාව ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත් කළ බව එහි සභාපති ලෙස කටයුතු කළ රොහාන් ප්‍රනාන්දු මහතා ඊ (20) අනාවරණ කළේය.

    කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු කියා සිටියේ ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට තමා බාධාවක් වූ බැවින් මෙලෙස ධුරයෙන් ඉවත් කරන්නට ඇති බවය.

    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ද පෞද්ගලීකරණය කිරීමට යෝජිතව ඇතැයි පසුගියදා රජය අනාවරණ කළේය.

    කෙසේවෙතත් ඊට ටෙලිකොම් වෘත්තීය සමිති සහ තවත් පාර්ශ්ව කිහිපයකින් විරෝධය එල්ල වුණි.

    ඒ අතර රැස්වූ ආරක්ෂක ආංශික අධීක්ෂණ කාරක සභාව ද ටෙලිකොම් පෞද්ගලීකරණය නොකළ යුතු බවට නිර්දේශ කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්

    November 11, 2025

    21 රැලිය ගැන සාකච්ඡාවට නාමල් දස වසරකට පසු ශ්‍රීලනිප මූලස්ථානයට

    November 11, 2025

    මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍යවල තොරතුරු හෙළිවෙයි

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්

    November 11, 20250117 Views

    මෙවර උසස් පෙළ විභාග කටයුතු අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති…

    21 රැලිය ගැන සාකච්ඡාවට නාමල් දස වසරකට පසු ශ්‍රීලනිප මූලස්ථානයට

    November 11, 2025

    මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍යවල තොරතුරු හෙළිවෙයි

    November 11, 2025

    ‍ඉන්දියාවේ ඛේදවාචකය

    November 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.