Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මවක් සිය දියණිය සමග අතුරුදන්
    Featured

    මවක් සිය දියණිය සමග අතුරුදන්

    By LFNJuly 20, 2023No Comments2 Mins Read205 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ 24 හැවිරිදි එක්දරු මවක් සිය මාස 11ක් පමණ වයසැති සිඟිත්තිය සමඟ අතුරුදන්ව ඇතැයි අඟුරුවාතොට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම කාන්තාවගේ ඥාති සොහොයුරකු පොලිස් භාරයට ගෙන ඇති අතර, කාන්තාවගේ නිවසේ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් ද නිරීක්ෂණය කළ බව පොලිසිය පවසයි.

    අතුරුදන් වූ වාසනා කුමාරි, 24 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඇය සිය 11 හැවිරිදි සිඟිත්තිය ද සමග පසුගිය (18) පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බව පවසමින් ඇයගේ සැමියා අඟුරුවාතොට පොලිසියට මෙම පැමිණිල්ල කර ඇත.

    ඒ අනුව, විමර්ශන ඇරඹූ පොලිස් සොකෝ නිලධාරින් අද දහවල් එම නිවස පරීක්ෂා කර ඇති බව වාර්තා වෙයි.

    එහිදී නිවසේ ශීතකරණයේ දොරෙහි සහ නිවසේ බිම තිබූ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් පොලිසියට නිරීක්ෂණය වී ඇති බව අප වාර්තාකරු පැවසීය.

    නිවසෙහි වැසිකිළි වළ හා අවට කැලෑබද ප්‍රදේශද පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.

    කෙසේවෙතත් ඔවුන් දෙදෙනා හමු නොවුණු බැවින් පොලිසිය මේ වනවිට විමර්ශන පුළුල් කර ඇති බව වාර්තා වෙයි.

    අතුරුදන් වූ වාසනාගේ සැමියා පවසන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් සිය සොහොයුරියගේ සැමියා පිළිබඳ සැකයක් පවතින බවය.

    මේ බව ඔහු පොලිසියට සැල කර ඇති අතර, පොලිසිය මේ වනවිට එම පුද්ගලයා සිය භාරයට ගෙන තිබේ.

    ඔහු හිටපු හමුදා සෙබළෙකු වන බව වාර්තා වෙයි.

    මේ අතර පොලිස් නිල සුනඛ බෘෘනෝ යොදවා එම නිවසද පරීක්ෂා කර ඇති අතර, අතුරුදන් කාන්තාව භාවිත කළ තුවාය සුනඛයාට ඉවකිරීමට ලබාදීම සඳහා සොයා තිබුණද එය නිවසේ නොතිබූ බව සඳහන් ය.

    පසුව ඇගේ පාවහන් යුගළ සහ හිස පීරන පනාව පොලිස් සුනඛයා විසින් ඉවකරනු ලැබ ඇති අතර, ඉන්පසු සුනඛයා, මේ වනවිට පොලිස් භාරයේ සිටින තැනැත්තාගේ ත්‍රීරෝද රථය වෙත ගොස් නතර වූ බව අප වාර්තාකරු පැවසීය.

    සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202606 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.