Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 2025

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මවක් සිය දියණිය සමග අතුරුදන්
    Featured

    මවක් සිය දියණිය සමග අතුරුදන්

    By LFNJuly 20, 2023No Comments2 Mins Read205 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ 24 හැවිරිදි එක්දරු මවක් සිය මාස 11ක් පමණ වයසැති සිඟිත්තිය සමඟ අතුරුදන්ව ඇතැයි අඟුරුවාතොට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම කාන්තාවගේ ඥාති සොහොයුරකු පොලිස් භාරයට ගෙන ඇති අතර, කාන්තාවගේ නිවසේ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් ද නිරීක්ෂණය කළ බව පොලිසිය පවසයි.

    අතුරුදන් වූ වාසනා කුමාරි, 24 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඇය සිය 11 හැවිරිදි සිඟිත්තිය ද සමග පසුගිය (18) පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බව පවසමින් ඇයගේ සැමියා අඟුරුවාතොට පොලිසියට මෙම පැමිණිල්ල කර ඇත.

    ඒ අනුව, විමර්ශන ඇරඹූ පොලිස් සොකෝ නිලධාරින් අද දහවල් එම නිවස පරීක්ෂා කර ඇති බව වාර්තා වෙයි.

    එහිදී නිවසේ ශීතකරණයේ දොරෙහි සහ නිවසේ බිම තිබූ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් පොලිසියට නිරීක්ෂණය වී ඇති බව අප වාර්තාකරු පැවසීය.

    නිවසෙහි වැසිකිළි වළ හා අවට කැලෑබද ප්‍රදේශද පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.

    කෙසේවෙතත් ඔවුන් දෙදෙනා හමු නොවුණු බැවින් පොලිසිය මේ වනවිට විමර්ශන පුළුල් කර ඇති බව වාර්තා වෙයි.

    අතුරුදන් වූ වාසනාගේ සැමියා පවසන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් සිය සොහොයුරියගේ සැමියා පිළිබඳ සැකයක් පවතින බවය.

    මේ බව ඔහු පොලිසියට සැල කර ඇති අතර, පොලිසිය මේ වනවිට එම පුද්ගලයා සිය භාරයට ගෙන තිබේ.

    ඔහු හිටපු හමුදා සෙබළෙකු වන බව වාර්තා වෙයි.

    මේ අතර පොලිස් නිල සුනඛ බෘෘනෝ යොදවා එම නිවසද පරීක්ෂා කර ඇති අතර, අතුරුදන් කාන්තාව භාවිත කළ තුවාය සුනඛයාට ඉවකිරීමට ලබාදීම සඳහා සොයා තිබුණද එය නිවසේ නොතිබූ බව සඳහන් ය.

    පසුව ඇගේ පාවහන් යුගළ සහ හිස පීරන පනාව පොලිස් සුනඛයා විසින් ඉවකරනු ලැබ ඇති අතර, ඉන්පසු සුනඛයා, මේ වනවිට පොලිස් භාරයේ සිටින තැනැත්තාගේ ත්‍රීරෝද රථය වෙත ගොස් නතර වූ බව අප වාර්තාකරු පැවසීය.

    සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 2025

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,918 Views
    Don't Miss

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 20250127 Views

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපති…

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.