ජල ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධණ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින්. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සමෘද්ධි ඇතුළු සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබන සහ වතු නිවාසවල පාරිභෝගිකයින්ට බලපෑමක් සිදුනොවන පරිදි නව ජල ගාස්තු සූත්‍රයක් සහ ප්‍රතිපත්තියක් නුදුරේදීම හඳුන්වාදෙන බවයි.
