උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පිහිටි යුද මුක්ත කලාපය හරහා උතුරු කොරියාව ට ඇතුළු වූ අමෙරිකානු ජාතිකයෙක් ව උතුරු කොරියානු බලධාරීන් විසින් රඳවා ගෙන ඇති බව වාර්තා වෙයි.
ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ එම පුද්ගලයා අමෙරිකානු හමුදා භටයෙක් බවය.
මාධ්‍ය වාර්තා පවසන්නේ එම භටයා විනය විරෝධි ක්‍රියාවක් හේතුවෙන් නැවත අමෙරිකාව ට යැවීම සඳහා ගුවන්තොටුපොළට රැගෙන ගොස් ඇති බවත් ඔහු කෙසේ හෝ ඉන් මිදී වෙනත් පිරිසක් සමග දේශසීමාව නිරීක්ෂණ චාරිකාවක ට එක්වී ඇති බවත් ය.
එම කණ්ඩායමේ සිටි අයෙක් පවසා ඇත්තේ අදාළ පුද්ගලයා “හා..හා..” යනුවෙන් සිනාසී එකවරම යුද මුක්ත කලාපය හරහා දිවගිය බවය.