යක්කල බෝගමුව ප්රදේශයේ නිවාස සංකීර්ණයක සිව්වන මහලෙන් ඇදවැටීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අදාළ නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 31 හැවිරිදි වියේ පසුවූ එක්දරු මවකි.
අදාළ කාන්තාව සිය සැමියා සහ 7 හැවිරිදි වියේ පසුවන දියණිය සමග එහි කුළී පදනම මත පදිංචිව සිට ඇති බව වාර්තාවෙයි.
මියගිය කාන්තාව සහ ඇයගේ සැමියා අතර නිරන්තරයෙන් ආරවුල් ඇතිව තිබෙන බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ මරණය සියදිවි නසා ගැනීමක් ද එසේ නොමැති නම් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
බෙම්මුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.