දුනුවායන් 128 දෙනකුගේ සහභාගිත්වයෙන් පැයයි විනාඩි හතලිහකදී ඊතල 30,000 විදිමින් දුනු විදීමේ නව ලෝක වාර්තාවක් තැබීමට ශ්රි ලාංකාවට ඊයේ (16) සමත් විය.
හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ දී මෙම වාර්තාව තැබීය.
ඉන්දියාව මෙයට පෙර මෙම ලෝක වාර්තාවට හිමිකම් කියූ අතර ඔවුන් දුනුවායන් සිය දෙනකුගේ සහභාගිත්වයෙන් පැයයි විනාඩි තිහක් ඇතුලත ඊතල 17,000 විදිමින් එම වාර්තාව තබා තිබුණි.
මෙම ලෝක වාර්තාව තැබීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහභාගී විය.
සැජිටේරියන් දුනු විදීමේ ක්රීඩා සමාජය සහ රේස් කෝස් දුනු විදීමේ සමාගම මගින් මෙය සංවිධානය කර තිබුණි.
ඉන්දියාවේ වොලන් බුක් ඔෆ් වෝර්ඩ් රෙකෝඩ් ආයතනය විසින් නිකුත් කරන ලද ලෝක වාර්තාව බිහි කළ බවට සහතිකය ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා වෙත ප්රදානය කල අකාරය ඡායාරූපයෙන් දැක් වේ.