Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙනෝදහක් බලා සිටියදි පී.සී කාන්තාවක වධ දීලා
    Featured

    දෙනෝදහක් බලා සිටියදි පී.සී කාන්තාවක වධ දීලා

    By LFNJuly 17, 2023No Comments2 Mins Read219 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුදල් ආරවුලක් මත කාන්තාවකට අත් විලංගු දමා දෙනෝදාහක් බලා සිටියදී පහර දෙමින් වත්තල පොලිසියට ඇද ගෙන ආ බව කියන ජාඇල පොලිසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙක් වත්තල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

    පහරකෑමට ලක්වූ කාන්තාවගේ නළලෙන් ලේ වහනය වෙමින් තිබූ නිසා ඇය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කළ බව පොලිසිය සඳහන් කරයි.

    මෙසේ රෝහල් ගත කර ඇත්තේ වත්තල මීගමුව පාරේ පදිංචි හතළිස් හැවිරිදි කාන්තාවකි.

    මෙම කාන්තාව සහ සැකකාර පොලිස් සැරයන්වරයා අතර මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් තිබී ඇතැයි පොලීසිය පවසයි.

    සැකකාර පොලිස් සැරයන්වරයා පොලියට මුදල් ලබාදීමේ දීමේ නිරතව සිටින තැනැත්තෙක් යයිද පොලිසියට දැනගැනීමට ලැබී ඇතැයි පැවසේ.

    වත්තල ප්‍රදේශයේ පිහිටි මූල්‍ය ආයතනයක් ඉදිරිපිට මෙම කාන්තාව සිටිනවා දුටු පොලිස් සැරයන්වරයා ඇය අල්ලා අත් විලංගු දමා- මෙවැන්නක් සිදු කර ඇති බව ද පොලීසිය පැවසී ය.

    වත්තල පොලිසියේ චෝදනා ශෝධනාගාරය දෙසින් කාන්තාවක් කෑගසන හඬ වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකඅනුර ගුණවර්ධන මහතාට ඇසී ඇත.

    ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතා මේ ගැන විපරම් කර බැලීමට චෝදනා ගාරයට පැමිණි අවස්ථාවේ නළලෙන් ලේ ගලමින් සිටි කාන්තාවක් දැක දැකගැනීමට හැකිවී තිබේ.

    කාන්තාවට අත් විලංගු දමා තිබෙන අයුරු ද මෙහිදී දැක ගැනීමට ලැබී තිබේ.

    මෙම කාන්තාවට පහර දුන්නේ යැයි කියන සැකකාර පොලිස් සැරයෙන්වරයා ද චෝදනා ශෝධනාගාරය තුළ සිටින අයුරු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දැකගැනීමට ලැබී ඇත.

    ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කාන්තාවගෙන් කරුණු විමසීමේදී මුදල් ආරවුලක් මත තමාට මෙවැන්නක් කළ බව ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇතැයි කියති.

    පසුව මෙම කාන්තාවගෙන් කාන්තාව ගෙන් ප්‍රකාශයක් ලබාගෙන පොලිස් පොතේ පොතේ සටහන් කර ගෙන එහි දී හෙළි වූ තොරතුරු මත මෙම පොලිස් සැරයන්වරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා ජාඇල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයෙකි.

    වත්තල පොලීසියේ රාජකාරි කරමින් සිටියදී මෙම පොලිස් සැරයන්වරයා පසුගිය මාසයේ ජා ඇල පොලිසියට ස්ථාන මාරු කර යැවූ අයකු යයිද පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

    මෙම සැකකාර පොලිස් සැරයන්වරයා ව කුරුඳුවත්ත පොලිසියට විශේෂ රාජකාරි සඳහා අනුයුක්ත ව කර සිට ඇත.

    රාජකාරි කටයුතු නිමාකර මෙම සැරයන්වරයා නිල ඇඳුමින් සැරසී නිවෙස් බලා යමින් සිටි අතරවාරයේ ඔහු සමඟ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් තිබුණේ යැයි කියන කාන්තාව දැක පසුව මෙවැන්නක් සිදු කර තිබෙන බවද පොලිස්පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.