අකුරැස්ස තලහගම ප්රදේශයේ දී මූඩියක් උගුරේ සිරවීමෙන් කුඩා දැරියක් මියගොස් තිබේ.
වයස අවුරුදු එකයි දින15ක පමණ වන කුඩා දැරිය විසින් යම් ආලේපනයක මුඩියක් මුව තුළ තබාගෙන සිටියදි එය උගුරේ සිරවී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
ඇයගේ සොහොයුරා විසින් එම මුඩිය ඉවතට ගැනීමට උත්සහ කළ ද එය අසාර්ථක වී තිබේ.
දැරිය කඹුරුපිටිය මූලික රෝහල වෙත ප්රතිකාර සඳහා ඇතුළත් කළ ද ඒ වන විටත් ඇය මියගොස් සිට ඇති බව පොලීසිය සඳහන් කළේය.