Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රෝහලක සිදුවු තවත් මරණයක් ගැන සැකයක්
    Featured

    රෝහලක සිදුවු තවත් මරණයක් ගැන සැකයක්

    By LFNJuly 17, 2023No Comments2 Mins Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදූවූ බව පැවසෙන මරණයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය ඊයේ (16) අනාවරණ කළේය.

    පසුගිය 28 වනදා එම මරණය සිදුව ඇති බවත් මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් විසින් එම මරණය සැක සහිත බවට පැවසුවද ඒ පිළිබඳ පැමිණිලි කිරීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැතැයි ද සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය.

    “ඥාතීන් චෝදනා කරනවා මේක මැරෙන්න ගිය ගමනක් නෙමෙයි. තිබුණේ කිහිල්ල උඩ ගෙඩියක්. හොඳට හිටියා. අවසානයේ එන්නතක් ලබාදුන්නා සිහිය නැතිවෙන්න එකෙන් පස්සේ නැවත සිහිය ආවේ නෑ. එයා මරණයට පත්වුණා කිව්වා. මේක වාර්තා වෙලා නෑ. මේක වාර්තා කරන්න ඒ මිනිස්සුන්ට තැනක් නෑ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියන්නේ මෙන්න මේක. මෙහෙම ඒවා තව කොච්චර වෙනවා ඇති ද? ඒ නිසා කරුණාකරලා එහෙම අයට මේක පැමිණිලි කරන්න තැනක් දෙන්න…”

    මේ අතර, පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයෑමේ සිද්ධියට අදාළ ඖෂධ කාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි පේරාදෙණිය සහ මහනුවර යන ශික්ෂණ රෝහල්වලට ලබාදී තිබූ කාණ්ඩවලට අයත් ඖෂධ තාවකාලිකව භාවිතය අත්හිටුවීමට තීරණය කළ බවය.

    පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී තරුණියකට Ceftriaxone ඖෂධය ලබාදීමෙන් පසු ඇය මරණයට පත්වූ බවට චෝදනා එල්ලවීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළේය.

    ඒ අතරතුර මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකුටත් එම ඖෂධය භාවිතයෙන් පසුව අසාත්මිකතා ඇතිවී තිබේ.

    ඒ අනුව මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල ගැටලුකාරී තත්ත්ව ඇතිකළ ඖෂධ කාණ්ඩවලට අයත් ඖෂධ භාවිතය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    මේ අතර පවතින ගැටලුකාරී තත්ත්වය මඟහරවාගැනීමට යුරෝපයේ නිෂ්පාදිත ඖෂධ මෙරටට ගෙන්වීමට රජයේ අවධානය යොමුව තිබේ.

    ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්, සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ, “ප්‍රමාද කරනවා නම්, හිතාමතා වහාම ඒ රටවල භාවිත කරන ඖෂධ ගෙනල්ලා මේ රටේ ජනතාවගේ ඖෂධ හිඟය මඟහරවන්න කටයුතු කරන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202606 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.