Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දළදා පෙරහැරටත් විදුලිය හරස් වෙයි ද?
    Featured

    දළදා පෙරහැරටත් විදුලිය හරස් වෙයි ද?

    By LFNJuly 17, 2023No Comments2 Mins Read191 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා පෙර කිසිකලෙක නොකළ අයුරින් දළදා මාළිගාවට විදුලි බිල්පතක් යවමින් ආණ්ඩුව සිය අශිෂ්ඨ පිළිවෙත පෙන්නුම් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    කෙසේ වෙතත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසන්නේ සෑම වසරකම ඇසළ පෙරහැර පැවැත්වීමට පෙර විදුලිබල මණ්ඩලය මෙවැනි ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බවය.

    මෙවර ඓතිහාසික මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අගෝස්තු 21 වන දින වීථී සංචාරය කිරීමට නියමිත අතර අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 30 වන දින පැවැත්වේ.

    විපක්ෂනායක සජිත් ප්‍රෙමදාස මහතා ඊයේ (16) දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ බෞද්ධයින්ගේ මුදුන්මල්කඩ වන ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැරට පෙර කිසිකලෙක නොවු විරූ පැරිදි විදුලි බිල්පතක් ලියා ආණ්ඩුව ස්වකීය අශිෂ්ඨ, අමනෝඥ පිළිවෙත හෙළිදරව් කර ඇති බවය.

    එමෙන්ම අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන උදෙසා සහනදායි විදුලි බිලක් වෙත යොමුවීම ආණ්ඩුව නොවලහා කළ යුතු අතර ඒ උදෙසා සංස්කෘතික අරමුදලේ දායකත්වය ලබා ගැනීම කළ හැකි බවය.

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ පිළිබඳ අදහස් පළකළේය.

    ඒ අනුව මේ පිළිබඳව අප ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගෙන් විමසීමක් කළේය.

    ඔහු සඳහන් කළේ, සෑම වසරකම ඇසළ පෙරහැර පැවැත්වීමට පෙර විදුලිබල මණ්ඩලය මෙවැනි විදුලිබිලෙහි පිරිවැය සම්බන්ධ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන අතර ඒ අනුව ශ්‍රී දළදා මාලිගාව, සතර මහ දේවාල සහ මහනුවර මහ නගර සභාව එක්ව සාකච්ඡා කර අදාළ ගෙවීම සිදුකරන බවය.

    මීට පෙර වසරවලදී පෙරහැරෙන් පසුව අදාළ ගෙවීම් සිදුකළත් මෙවර පෙරහැරට පෙර එම මුළු මුදල ගෙවන ලෙස දැනුම් දුන් බවත්, එහි ගැටලුවක් නොමැති බවත් දියවඩන නිලමේවරයා පැවසීය.

    “අද දෙරණ” මේ පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ මහනුවර නියෝජ්‍ය සාමාන්‍යධිකාරි උපුල් බණ්ඩාර මහතාගෙන් විමසූ විට ඔහුද ඒ බව තහවුරු කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202606 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.