Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චමෝදිගේ මරණය ගැන පේරාදෙණියෙන් විශේෂ ප්‍රකාශයක්
    Featured

    චමෝදිගේ මරණය ගැන පේරාදෙණියෙන් විශේෂ ප්‍රකාශයක්

    By LFNJuly 14, 2023No Comments2 Mins Read197 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චමෝදී සංදීපනී ජයරත්න නැමැති 21 හැවිරිදි තරුණිය මියගියේ ලබාදුන් ඖෂධයකින් නොව අසාත්මිකතාවකින් බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

    ඔහු පවසන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් දිය හැක්කේ සිදුකෙරෙන පරීක්ෂණවලින් අනතුරුව බවය.

    මේ සම්බන්ධයෙන් මාධ්‍යයට වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා,

    “අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා – “මේක ඖෂධයේ ගැටලුවක් නිසා සිදුවුණා කියන්න අමාරුයි. ආසාත්මිකතාවයක් නිසා ඇතිවුණ තත්ත්වයක්. Ceftriaxone ඖෂධ මාත්‍රා 2700ක් වෙනත් රෝගින්ට දී තිබෙනවා.”

    මාධ්‍යවේදියා – යම්කිසි අත්වැරදීමක් හරි එහෙමත් නැතිනම් අධිමාත්‍රාවක් දීමක් ගැන ඔබතුමා නිරීක්ෂණය කරලා තියෙනවාද?

    අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා – “Ceftriaxone කියන්නේ දවසකට එකවරක් දෙන ඖෂධයක්. මිලිග්‍රෑම් 2ක් ලබාදෙන්න ඕනේ
    එක කුප්පියක තියෙන්නේ එක මිලිග්‍රෑම් එකයි. ඒ නිසයි දෙකක් දීලා තියෙන්නේ. එන්නත් දෙකක් දීලා නැහැ. මීට කලින් ආසාත්මිකතාවයන් ආවද බැලුවා. මේ රෝගියාට කළින් ආසාත්මිකතාවයන් ඇතිවෙලා නැහැ. එන්නත නොදෙන්න හේතුවක් තිබුණේ නැහැ.”

    මාධ්‍යවේදියා – පළමුවෙනි එක දෙනකොට පොඩි ආසාත්මිකතාවයක් මතුවෙද්දි, ඊළඟ එක නොදී ඉන්න පුළුවන් පරාසයක් මෙතන නැද්ද?

    අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා – “පළමුවෙනි එක දෙද්දී ආසාත්මිකතාවයක් මතුවුණේ නැහැ. දෙකම දීලා විනාඩි දෙක තුනකින් තමයි රෝග ලක්ෂණ මතුවෙලා තියෙන්නේ”

    අදාළ ඖෂධ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග අංශය ප්‍රධානී මහාචාර්ය වෛද්‍ය උදය රළපනාව මහතා,

    මහාචාර්ය වෛද්‍ය උදය රළපනාව මහතා – “ආසාත්මිකතාවයකදි වැඩිවෙන CRP ප්‍රෝටින අගය. සාමාන්‍යයෙන් තිබිය යුත්තේ ඒකක 6ට අඩුවෙන්. මේ දියණියගේ එම අගය ඒකක 270කට වැඩිවෙලා තිබුණා. 6 ට තිබිය යුතු අගය 270කට වැඩිවෙනකොට බැක්ටීරියා ආසාධනයක ලකුණු තියෙනවා. එවිට ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරනවා සාමාන්‍යයෙන් දෙන Ceftriaxone ඖෂධය දුන්නේ. මේක ඖෂධ අසාත්මිකතාවයක්. කලාතුරකින් සමහරු මියයනවා. අවාසනාවන්ත ලෙස මේ දියණියත් මියගියා.”

    මහනුවර පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි චමෝදී සන්දීපනී ජයරත්න ඉකුත් සඳුදා කැටපිටිය ප්‍රාථමික රෝහලට ඇතුළත් කරන්නේ උදරාබාධයක් හේතුවෙනි.

    පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට පසුගිය 11 වනදා ඇතුළත් කර තිබුණි.

    හදිසි ප්‍රතිකාර ඒකකයෙන් හතේ වාට්ටුවට මාරු කිරීමෙන් පසු හෙදියන් විසින් ඇයට එන්නත් දෙකක් ලබා දී තිබේ.

    එයත් සමග ඇයට සිදුවූයේ රෝහල් ඇඳ මතම සිය ජීවිතයට සමුදීමටය.

    මව්පියන්, සහෝදරන්, නෑ හිතවතුන්ගේ සෝ සුසුම් මැද ඇයගේ නිසල දේහය ඊයේ රාත්‍රියේ නිවසට රැගෙන එනු ලැබීය.

    ඥාතීන්ට පමණක් නොව හදිසියේ වියෝ චමෝදිගේ වෙන්වීම හෙහෙළියන්ට පවා දරාගැනීමට නොහැකිවිය.

    චමෝදිගේ වියෝව ඇයගේ පවුලේ ඥාතීන්ට දැඩි කම්පනයක් මෙන්ම ප්‍රශ්නාර්ථයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202604 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.