ගොවින් විසින් ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එන එළවළු හා පලතුරු මිල දී නොගන්නා වෙළෙඳුන්ගේ බදු බලපත් අහෝසි කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ගොවීන් විසින් ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එන එළවළු හා පලතුරු ඔවුන් ගෙන් ඝෘජුවම මිල දී ගැනීම ප්‍රතික්ෂේප කරන වෙළෙඳසල් හිමියන් අතරමැදියන් හරහා ඒවා මිල දී ගන්නා බවට ගොවිජනතාව කෘෂිකර්ම අමාත්‍යංශයට පැමිණිලි කර තිබිණි.
මේ හරහා ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයන් ද සූරාකෑමේ වැඩපිළිවෙළක් ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාත්මක වන බවට පෙනී ගොස් ඇති බව අමාත්‍යංශය අවධාරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන් හා ආර්ථික මධ්‍යස්ථානවලට පලතුරු හා එළවළු සපයන ගොවීන් කැඳවා පුළුල් ලෙස සාකච්ඡා කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
ඒ අනුව ගොවි ජනතාවට හා පාරිභෝගික ජනතාවට සහනයක් ලබා නොදෙන අලෙවිසල් සඳහා දැනට නිකුත් කර ඇති බලපත් අහෝසි කර ඒවා වෙනත් අයට පැවරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.