Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දඹුල්ලට ආ තුර්කි තරුණිය ට බස් රථයේදී අතවර
    Featured

    දඹුල්ලට ආ තුර්කි තරුණිය ට බස් රථයේදී අතවර

    By LFNJuly 13, 2023No Comments2 Mins Read240 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට රැඳීසිටි තුර්කි ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

    මගී බස්රථයක ගමන් කරමින් සිටියදී ඇය මෙම අතවරයට ලක්වී ඇති අතර සිද්ධියට සැකපිට යුද හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ මේල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුවය.

    තුර්කි ජාතික තරුණියන් තිදෙනෙකු සහ පාකිස්තාන ජාතික තරුණයෙක් මහනුවර සිට මගී ප්‍රවාහන බස්රථයකින් දඹුල්ල බලා පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය සිදුවී තිබේ.

    අදාළ බස් රථයේ මඟීන් තිදෙනෙකුට ගමන් කළ හැකි අසුනක තුර්කි ජාතික තරුණියන් දෙදෙනෙකු අසුන්ගෙන සිට ඇති අතර අනෙක් තරුණයා සහ තරුණිය මඟීන් දෙදෙනෙකුට අසුන් ගත හැකි අසුනක වාඩීවී සිට තිබේ.

    අතරමඟදී බස් රථයට ගොඩවූ අත්අඩංගුවේ පසුවන තරුණයා මෙම විදේශීය තරුණියන් දෙදෙනා වාඩිවී සිටි අසුනේ වාඩිවී ගමන් කර ඇත.

    එහිදී තුර්කි ජාතික එක් තරුණියකට බස් රථය තුළදී නින්ද ගොස් තිබේ.

    එහිදී නිදා සිටි තරුණියගේ ශරීරය ස්පර්ශ කරන අයුරු දුටු අනෙක් තරුණිය වහාම එම ස්ථානයෙන් ඉවත්වී ඔවුන් සමග පැමිණි තරුණයාට ඒ බව දැනුම්දී ඇත.

    එහිදී වහාම ක්‍රියාත්මකවී ඇති පාකිස්තාන ජාතික තරුණයා බස් රථයේ සිටි තවත් කිහිපදෙනෙකුගේ සහාය ඇතිව අදාළ තරුණයාව අල්ලාගෙන තිබේ.

    ඒ අනුව සැකකරුව දඹුල්ල පොලීසියට භාරදීමට ඔවුන් කටයුතු කර තිබුණි.

    මෙම අතවරයට ලක්වී ඇති තරුණිය තුර්කි පොලිසියේ සේවය කරන උසස් නිලධාරියෙකුගේ දියණියක් බවත් අනෙක් තරුණිය එරට ගුරුවරියක් බවත් පොලීසිය පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කරමින් මෙම තරුණියන් ප්‍රකාශ කර ඇත්තේ, විදේශීය සංචාරකයින් පමණක් නොව ශ්‍රී ලාංකික කාන්තාවන්ට ද මෙවැනි හිංසා නොවිය යුතු බවත් හිංසා කරන අයට උපරිම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්ය. ඔවුන් මේ බව ජාත්‍යන්තරයට පවා දැනුවත් කිරීම් සිදුකරන බවද පවසා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202604 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.