Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයයි
    Featured

    එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයයි

    By LFNJuly 12, 2023No Comments2 Mins Read278 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පේරාදෙණිය මහ රෝහලේ දී ලබාදුන් එන්නතකින් පසුව තම දියණිය ජීවිතක්ෂයට පත්වු බවට මවක් චෝදනා කරයි.

    බඩේ අජීරණ තත්ත්වයකින් පෙළුණු 21 හැවිරිදි චමොදි සංදීපනි, පසුගිය දා කොටලිගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහල වෙත මාරු කර එවා තිබුණි.

    ඇය පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

    ඒ අනුව සිදුකළ ප්‍රතිකාරවලදී ඇයට ලබාදුන් එන්නතකින් පසුව රෝගී තත්ත්වය උත්සන්න වූ බවත් පසුව ඇයගේ ශරීරය නිල්පැහැ වූ බවත් චමොදිගේ මව පැවසීය.

    “මගේ ළමයට බඩේ අමාරුව හැදිලා ඉස්පිරිතාලේට ගෙනාවේ. කොටලිගොඩ එකට ඉස්සෙල්ලාම ගෙනාවේ. ඊට පස්සේ එහෙන් 10 වෙනිදා පේරාදෙණියට ගෙනාවේ. ඊට පස්සේ මගේ අම්මා ICU ඉඳලා දැම්මා උඩ 17 වාට්ටුවට. 3.30ට විතර මගේ දුවට කැනියුලා එකක් ගහලා සේලයින් එකක් දුන්නා. ඊට පස්සේ බෙහෙත් දෙකක් විද්දා. බෙහෙත් දෙක විදිනකොටම මගේ ළමයාට ඇස් දෙකත් එක්ක මොකද්දෝ වෙලා මගේ මැණික කිව්වා මොකද්දෝ වෙන්න එනවා කියලා. ඒ කරලා මගේ දුව එහෙමම ගියා බාත්රූම් එකට. ළමයා සින්ක් එකේ ඔළුව තියාගත්තා. ඔක්කෝම නිල් වෙලා, අතපය නිල් වෙලා මගේ ළමයා කඩාගෙන වැටුණා. මම කෑ ගහද්දි මිසීලා ඇවිත් මගේ ළමයව වාට්ටුවට අරන් එනකොට මම ඇහුවා මොනවද මගේ ළමයට විද්දේ කියලා? මට අද මගේ කෙල්ල නෑ. මට එක කෙල්ලයි ඉන්නේ. මගේ ළමයට වෙන ලෙඩක් තිබුණේ නෑ.”

    ඒ අනුව තරුණිය මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පේරාදෙණිය රෝහල සහ පොලීසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.

    තරුණියගෙන් මෘත දේහය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 202603 Views

    2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ…

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.