Close Menu
Lanka Focus News
    What's Hot

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩිෆෙන්ඩර් රථයෙන් කොළඹ හෙල්ලූ සුරූපී තරුණියන් තිදෙනෙකු අත්අඩංගුවට
    Featured

    ඩිෆෙන්ඩර් රථයෙන් කොළඹ හෙල්ලූ සුරූපී තරුණියන් තිදෙනෙකු අත්අඩංගුවට

    By LFNJuly 11, 2023No Comments1 Min Read182 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් අණ නොතකා ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පැදවූ සුරූපී තරුණියන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවල සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලබන සිසුවියන් පිරිසකි.

    ප්‍රථමයෙන් මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරමින් තිබූ එම ඩිෆෙන්ඩර් රථය තවත්වන ලෙසට මාර්ග රාජකාරියේ යෙදී සිටි මරදාන පොලීසියට අනුයුක්ත නිලධාරීන් සංඥා කර තිබේ.

    කෙසේ වෙතත් එම එන නොතැකූ ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ධාවනය කර ඇත.

    වහාම ක්‍රියාත්මක වූ මරදාන පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් එම රථය පිළිබඳව පොලිස් මෙහෙයුම් මැදිරිය දැනුවත් කර තිබේ.

    ඒ අනුව මරදාන ටෙක්නිකල් මංසන්ධිය ආසන්නයේදී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් රථය නවත්වන ලෙසට සංඥා කර ඇත.

    එම අණද නොතකා ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ධාවනය කර ඇති බව පොලීසිය පවසයි.

    පසුව කැළෑ පොළ ආසන්නයේ රැඳී සිටි පොලිස් නිලධාරීන් විසින් එම රථය නවත්වන ලෙසට සංඥා කළ ද එය නොතැකූ තරුණියන් පිරිස ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ධාවනය කර තිබේ.

    පසුව ක්‍රියාත්මක වූ පොලීසිය රථය පසුපස හඹා ගොස් එය නවතාගැනීමට සමත්ව ඇත.

    එහිදී තරුණියන් පිරිස සහ පොලිස් නිලධාරීන් අතර බහින්බස්වීමක් සිදුව ඇති බවත් අනතුරුව සැකකාර තරුණියන් පිරිස අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.

    සැකකාර තරුණියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මරදාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 202605 Views

    කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය…

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.