Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 2025

    හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

    December 7, 2025

    කුෂ් තොගයක් සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

    December 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඊයේ පැවැති තරග දෙකෙන් ඕමානයට සහ ස්කොට්ලන්තයට ජය
    Sport

    ඊයේ පැවැති තරග දෙකෙන් ඕමානයට සහ ස්කොට්ලන්තයට ජය

    By LFNJune 22, 2023No Comments1 Min Read191 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ ඊයේ (21) පැවති තවත් තරගයකින් එක් කඩුල්ලක ජයක් ලබාගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත්විය.

    ඒ, අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කරමිනි.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

    ඒ අනුව අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 286ක් ලබාගත්තේය.

    එහිදී අගනා පිතිහරඹයක නියැලුණු Curtis Campher පන්දු 108කදී ලකුණු 120ක් රැස්කරගැනීමට සමත්විය.

    ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් ඇතුළත් විය.

    පන්දුවාර 19ක් අවසානයේදී අයර්ලන්තය ලකුණු 72කට කඩුලු 05ක් දැවී අසීරු අඩියක සිටියදී පිටියට පිවිසි Curtis Campher මෙම අගනා ඉනිම ගොඩනගමින් කණ්ඩායම ඉහළට ඔසවා තැබීය.

    George Dockrell ලකුණු 69ක් රැස්කරගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමගිනි.

    පන්දුයැවීමේදී Brandon McMullen ස්කොට්ලන්තය වෙනුවෙන් පන්දුවාර 7කදී නිලකුණු පන්දුවාරයක් සමඟ ලකුණු 34කට කඩුලු 05ක් දවාගැනීමට සමත්විය.

    ජයග්‍රාහී ලකුණු 287ක ඉලක්කය හඹා ගිය ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

    මේ අතර ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැති තරගය කඩුලු 5කින් ජය ගැනීමට ඕමානය කණ්ඩායම සමත්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 20250116 Views

    පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ…

    හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

    December 7, 2025

    කුෂ් තොගයක් සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

    December 7, 2025

    ආපදා මරණ 627ක් – 190ක් අතුරුදන්

    December 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.