Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»වජිරගෙන් රනිල්ට සහතිකයක්
    Political

    වජිරගෙන් රනිල්ට සහතිකයක්

    By LFNJune 21, 2023No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රනිල්ට උස් හඬින් කතා කරන්නට ලෝකයේ කිසිම නායකයකු නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

    රනිල් වික්‍රමසිංහ මහතාට ලෝක නායකයින්ගෙන් විශාල පිළිගැනීමක් සහ ගෞරවයක් තිබෙන බව කී අබෙිවර්ධන මහතා ඒ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය නිසා බවද ඇමරිකාවේ ජනාධිපති ,එංගලන්තයේ අගමැති ඇතුළු සෑම කෙනෙක්ටම වඩා රනිල් වික්‍රමසිංහගේ පලපුරුද්ද, අත්දැකීම් විශාල බව සඳහන් කළේය.

    ඉතිහාසය පුරාම ආර්ථික වශයෙන් වැටෙන සෑම අවස්ථාවකම රට නැවත නගා සිටුවන අභියෝගය බාරගැනීමට ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් එතුමා මේ මොහොතේත් වැටුණු රට ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් නොකර ඒ සඳහා සියලුදෙනාම සහයෝගය ලබාදිය යුතු බව එජාප සභාපතිවරයා කීය.

    වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ බලපිටිය සහ රජ්ගම මැතිවරණ කොට්ඨාශවල එජාප බලමණ්ඩල රැස්වීම් අමතමිනි.

    රනිල් වික්‍රමසිංහ මහතා බලයට ඇවිත් රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙනියන සෑම අවස්ථාවකම කකුලෙන් ඇද්ද බවද අවසානේදී එයින් වන්දි ගෙවන්න වුණේ රටේ මහජනතාවට බවත් අබෙිවර්ධන මහතා පැවසීය.

    මෙි වනවිට එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම් පවත්වමින් පක්ෂය ප්‍රතිසංස්කරණය කරමින් යන බවද ඉන් අනතුරුව පක්ෂ සම්මේලනයක් කැඳවා පක්ෂයේ ව්‍යවස්ථාව නව ලෝකයට ගැලපෙන පරිදි වෙනස් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වෙන බවද කී එජාප සභාපතිවරයා පැරණි දේශපාලන සංස්කෘතියෙන් රට තවදුරටත් ඉදිරියට ගෙනියන්න නොහැකි බව කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට

    March 19, 2026

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 2026

    හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

    March 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 202600 Views

    ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී…

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.