Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් ලොක්කෙක්ගේ පුතෙක් ට ලොකු වන්දියක් ගෙවන්න වෙයි
    Featured

    පොලිස් ලොක්කෙක්ගේ පුතෙක් ට ලොකු වන්දියක් ගෙවන්න වෙයි

    By LFNJune 8, 2023Updated:June 8, 2023No Comments1 Min Read286 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රිය අනතුරක් සිදුකොට පොලිස් නිලධාරියෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් නවිඳු උමේෂ් රත්නායක නමැත්තාට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් හා දඩ නියම කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් තීන්දුව ලබාදුනි.

    2019 වසරේ කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මංසන්ධියේ දී පොලිස් පරීක්ෂක ආනන්දසාගර සරච්චන්ද්‍ර මහතා මෙම රිය අනතුරට මුහුණ දී තිබුණි.

    ඒ අනුව විත්තිකරුට වසර 2ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර 15 කට අත්හිටුවන බවත් නියෝග කළේය.

    ඊට අමතරව රුපියල් එක්ලක්ෂ පනස් දහසක දඩයක් ද නියම කළ විනිසුරුවරයා මියගිය පුද්ගලයාගේ බිරිඳට රුපියල් ලක්ෂ 26ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේය.

    එමෙන්ම අනතුරට ලක්වූ පොලිස් පරීක්ෂකවරයාගේ යතුරුපැදිය රජයේ දේපළක් බැවින් ඊට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ පනස්දහසක වන්දියක් ගෙවන ලෙසද අධිකරණය විත්තිකරුට නියෝග කර තිබේ.

    2019 වසරේ පෙබරවාරි මස 10 වනදා කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මංසන්ධියේදී පොලිස් පරීක්ෂක ආනන්දසාගර සරත්චන්ද්‍ර මහතාව රිය අනතුරකට ලක් කොට බරපතළ තුවාල සිදු කළ අතර ඒ මහතා පසුව මිය ගොස් තිබුණි.

    එම චෝදනාව සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයකු වන නවිඳු උමේෂ් රත්නායක නමැත්තාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202601 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.