Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අතර හමුවක්
    Featured

    ජනපති සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අතර හමුවක්

    By LFNJune 8, 2023No Comments3 Mins Read199 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු හමුවී සාකච්ඡා කර තිබේ.

    පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01දී එම සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    එහිදී අදහස් පළකරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට “පරිගණක යෙදුම්” නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවය.

    මෙතෙක් රාජ්‍ය ආයතන සඳහා ” පරිගණක යෙදුම් ” නිර්මාණය කිරීම පෞද්ගලික ආයතන මගින් සිදුවූ අතර ඉදිරියේ දී එම කටයුතු ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනය මගින් පමණක් සිදු කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

    කාරක සභා සහ උපදේශක සභාවලට සභාපතිවරුන් පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුයි. ස්ථාවර නියෝග අනුව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ නම මෙන්ම තව මන්ත්‍රීවරුන්ගේ නම් කිහිපයක් යෝජනා වී තිබුණා. මයන්ත දිසානායක මන්ත්‍රිතුමා මෙහි සභාපති ධුරය සඳහා පත් කළ නමුත් ඔහු ඉවත් වුණා. විපක්ෂය යෝජනා කරනවා නම් හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාට රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබා දිය යුතුයි. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන්. දැන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත්වන සභාපතිවරයා ද ඊට අනුකූලව ඉදිරියට වැඩ කටයුතු සිදු කළ යුතුයි.

    කාරක සභා සහ උපදේශක සභා වල රීති එම සභා තුළ රැස්වන මන්ත්‍රීතුවරුන්ගේ සාකච්ඡාවෙන් තීන්දු කළ යුතුයි. කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තුව තුළ ඉඩ ප්‍රමාණවත් නැතිනම් අපට වෙන ගොඩනැගිල්ලක් ඒ සඳහා ගන්න පුළුවන්. ඒ වගේම මේ කාරක සභා සහ උපදේශක සභා සඳහා සහභාගි වන මන්ත්‍රීවරුන්ට වෙනම ගෙවීමක් වුණත් කළ හැකියි. ඒ වගේම පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඊට සතියකට වත් කළින් කමිටු සහ කාරක සභාවල සාකච්ඡාවට බඳුන් කර මන්ත්‍රීවරුන්ගේ දැනුවත් භාවයෙන් එය ඉදිරිපත් කරන වැඩපිළිවෙළක් සකස් කළයුතුයි. හෙට ඉදිරිපත් කරන පනත අද මන්ත්‍රීවරුන්ට ලබාදීම ප්‍රමාණවත් නෑ.

    මන්ත්‍රීවරුන්ට පනත අධ්‍යනය කිරීම සඳහා සති දෙකකවත් කාලයක් ලබා දිය යුතුව තිබෙනවා.

    ලෝක බැංකු ආධාර යටතේ අතුරු අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමට මුදල් ලැබී තිබෙනවා. එය ඉදිරියට කරගෙන යාමට ඔබගේ සහාය අවශ්‍යයි. කාරක සභා සහ උපදේශක සභා වල සභාපතිවරුන්ට වගේම එහි නියෝජිතයන්ට තමන්ගේ වගකීම් එම සභා තුළින් ම තීරණය කර ලබාදිය යුතුයි.

    අතීතයේ මේ රටේ ප්‍රාදේශීය සභා මට්ටමින් දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් (DRO) සිටියා. ඉන්දියාවේ හිටියේ එකතු කිරීමේ නිලධාරින් (Collecting officer). නමුත් ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ව්‍යාප්තවන විට දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් නැතිවෙලා ගියා.

    අනතුරුව එම කටයුත්තට හිටපු නිලධාරීන් ආණ්ඩුවට ආදායම් එකතු කරනවා වෙනුවට ආණ්ඩුවේ තිබුණු මුදල් වියදම් කිරීමට කටයුතු කළා. ඒ නිසා ආණ්ඩුවට ආදායම එකතු කිරීම සඳහා නැවත දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් දෙසීයක් වත් බඳවා ගැනීමට සිදු වේවි.

    ඒ වගේම රාජ්‍ය ආයතන වල දත්ත නිරීක්ෂණයට ‘පරිගණක යෙදුම්‘ නිර්මාණය කිරීම මේ වන තුරු සිදු කළේ පෞද්ගලික අංශය මගින්. එය නැවැත්වීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට අපි කටයුතු කරනවා. ඒ අනුව ඉදිරියට ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය ආයතනවල ‘පරිගණක යෙදුම්‘ එම ආයතන මගින් නිර්මාණය කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ආංශික අධීක්ෂණ කමිටුවලින් අයවැයට මාස දෙකකට පෙර රජයේ මුදල් වියදම් වූ ආකාරය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.