ලොව ප්‍රකට බෞද්ධ හිමිනමක් වන අජාන් බ්රහ්මවංස හිමියන්ට කටුනායක ගුවන්තොටුපොළේදී මුහුණ දුන් සිදුවීම ගැන එම හිමිගෙන් සමාව ඉල්ලන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී කීය.
ඉදිරියේදී එවැනි සිදුවීම් ඇති නොවීමට වගබලා ගන්නා බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අද (06) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය ඉහළින් දැක්වෙයි.