Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»ආනයන ලිහිල් කිරීම ගැන මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්
    Business

    ආනයන ලිහිල් කිරීම ගැන මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

    By LFNMay 26, 2023No Comments2 Mins Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින තත්ත්වය ඉදිරියේදී වැඩිදියුණුවීමත් සමඟ ආනයන සඳහා පනවා ඇති සීමාවන් ක්‍රමානූකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්වී සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ ජාතික කථිකාවත ඊයේ (25) පෙරවරුවේ ආරම්භ වුයේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

    “උද්ධමනය පාලනයකින් තොරව ඉහළ යෑම වැළැක්වීම සඳහා තීරණාත්මක පියවර රැසක් ගැනීමට අපට සිදුවුණා. 70%ක් දක්වා උපරිමයට ගිය උද්ධමනය දැන් 30% මට්ටම දක්වා පැමිණ ඇති අතර මේ වසරේ සිව්වන කාර්තුව වනවිට හෝ ඊට පෙර උද්ධමනය තනි අගයකට පැමිණෙන බව සහතික වශයෙන් කිව හැකියි. අප ගෙන ඇති පියවර සැලකූ විට නිවැරදි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වේදනාකාරියි. විශේෂයෙන් පොලී අනුපාත ඉහළ නැංවීම.. ව්‍යාපාර සඳහා දුෂ්කර වේදනාකාරී පියවරක්. එය දැනට කෙටි කාලීනව විසඳා තිබෙනවා.”

    “රට තුළ විදේශ විනිමය සංචිත ක්‍රමයෙන් ඉහළ යාමත් සමග තවමත් එලෙස විදේශ විනිමය ප්‍රවාහයේ අඩුමට්ටමක් පැවතුණත්, එහි සමනයවීමක් දකින්නට ලැබෙන නිසා ආනයන සහ විනිමය පිටත ගලනයට පවතින සීමා ලිහිල් කිරීම ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට හේතුවිය හැකියි. මේ නිසා ඉදිරියේදී තත්ත්වය වැඩි දියුණුවීමක් සමග ආනයන සඳහා පවතින සීමාවන් ක්‍රමානූකූලව ලිහිල් කිරීමට අප බලාපොරොත්තු වනවා. ඒ වගේම ප්‍රාග්ධන ගනුදෙනු සඳහා පවතින සීමාවන්ද එලෙස ලිහිල් කිරීමට බලාපොරොත්තුවන අතර ඒ කරුණු දෙකම ව්‍යාපාරික ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට ඉවහල් වේවි.”

    මේ අතර ව්‍යාපාරික සංගම්වල නියෝජිතයන් පිරිසක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂ නායක ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන්ව හමුවී කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට බලපාන ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කර තිබුණි.

    මේ අතර ලෝ ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හෑන්ක් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ශ්‍රී ලංකාව ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර 11 වැනි ස්ථානයට නම් කර තිබේ.

    මෙම වාර්තාව සකස් කර ඇත්තේ ලොව රටවල් 157ක ආර්ථික දත්ත සැලකිල්ලට ගනිමිනි.

    මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වෙමින් ලොව වඩාත් දුක්ඛිතම රට බවට පත්වී ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යයය.

    කෙසේවෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ මෙම දර්ශකය පැරණි දත්ත මත පදනම්ව සකස් කර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.