මෙවර G7 සමුළුව ජපානයේදී පැවැත්වෙයි.
ජපානය සභාපතිත්වය දරණ එම සමුළුව හිරෝෂිමා නගරයේදී දින 03 ක් පුරා පැවැත්වීමට නියමිතය.
G7 හි සාමාජිකත්වය දරණ අමෙරිකාව නියෝජනය කරමින් ජනාධිපති ජෝ බයිඩන් සමුළුව සඳහා සහභාගී වනු ඇති.
මෙවර G7 සමුළුවට සහභාගී වන ලෙස ජපානය, ඉන්දියාවට විශේෂ ආරාධනයක් සිදු කර තිබේ.
මෙවර G20 සමුළුවේ සභාපතිත්වය දරණ ඉන්දියාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජපානයේ පැවැත්වෙන G7 සමුළුව සඳහා සහභාගීවීමට නියමිතය.
සිය ජපාන සංචාරය අවසන් කර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැපුවා නිව්ගිනියාවටත් ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවටත් පැමිණීමට නියමිතව තිබේ.