Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් නිසා හෙට මි.මී. 100ට වැඩි වැසි

    December 17, 2025

    ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට චීන රජයේ උපරිම සහාය

    December 17, 2025

    ත්‍රිවිල් රියදුරෙක් වෛද්‍යවරයෙකුට පහරදී බදුල්ල රෝහලේ වර්ජනයක්

    December 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අමාත්‍යංශ ලේකම්වරු දෙදෙනෙක්ට සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් හයකට අනුමැතිය
    Featured

    අමාත්‍යංශ ලේකම්වරු දෙදෙනෙක්ට සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් හයකට අනුමැතිය

    By LFNMay 19, 2023No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ රාජ්‍ය ආයතන සභාපතිවරු හයදෙනෙක් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ.

    ඒ අනුව, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස යමුනා පෙරේරා මහත්මිය, සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර මහතාගේ පත්වීමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කර ඇති බව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා පැවසීය. .

    එයට අමතරව, මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදුන් බව සහකාර මහලේකම්වරයා සඳහන් කළේය.

    තවද ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතාගේ පත්වීමටද, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස රත්නසිරි කලුපහන මහතාගේ පත්වීමටද, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු ඒ. ගල්කැටිය මහතාගේ පත්වීමටද, ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලයේ සභාපතිවරිය ලෙස ස්ටෙලා මාරපන මහත්මියගේ පත්වීමටද, ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස ජයන්ත විජේරත්න මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී තිබේ.

    පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ජෝන් සෙනවිරත්න, තලතා අතුකෝරළ, උදය ගම්මන්පිල, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්ම මහත්මීහු ඊට සහභාගී වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් නිසා හෙට මි.මී. 100ට වැඩි වැසි

    December 17, 2025

    ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට චීන රජයේ උපරිම සහාය

    December 17, 2025

    ත්‍රිවිල් රියදුරෙක් වෛද්‍යවරයෙකුට පහරදී බදුල්ල රෝහලේ වර්ජනයක්

    December 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් නිසා හෙට මි.මී. 100ට වැඩි වැසි

    December 17, 20250121 Views

    නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය…

    ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට චීන රජයේ උපරිම සහාය

    December 17, 2025

    ත්‍රිවිල් රියදුරෙක් වෛද්‍යවරයෙකුට පහරදී බදුල්ල රෝහලේ වර්ජනයක්

    December 17, 2025

    යුද්ධ හමුදා බුද්ධි අංශ තොරතුරින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 75 කට අධික තොගයක් සොයා ගැනේ

    December 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.