2017 දී මෑන්හැටන් වීදියක පදිකයින් සහ පාපැදිකරුවන් වෙත ට්‍රක් රථයක් පදවා පුද්ගලයින් 08 දෙනෙකු මරා දැමීමේ සිද්ධියේ සැකකරු වූ සෙයිෆුල්ලෝ සයිපොව් (Sayfullo Saipov) ට සිරඳඬුවම් නියම කර තිබේ.
ඉස්ලාමීය රාජ්‍ය ආධාරකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති ඔහු 35 හැවිරිදි උස්බෙකිස්ථාන් ජාතිකයෙකි.
9/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අමෙරිකාවේ නිව්යෝර්ක් හි සිදුවූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙසද මෙය සැලකෙයි.
ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 10ක් ලබා දෙන ලදී. ඉන් අටක් අඛණ්ඩව ක්‍රියාත්මක වෙන අතර ඊට අමතරව වසර 260ක සිරදඬුවමක් ක්‍රියාත්මකය.
ඒ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඔහු කිසිදා නිදහස් නොවනු ඇති බවය.