Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මේක තමයි අමාරුම අවුරුද්ද – ජනපති
    Hot News

    මේක තමයි අමාරුම අවුරුද්ද – ජනපති

    By LFNMay 19, 2023No Comments1 Min Read191 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල එළඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කරගැනීම සිය බලාපොරොත්තුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමග ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ය.

    “වැටුප් ගැන මට පෙනෙන විදියට.. අපි විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්නම් සාකච්ඡාවකට. මේක මෙහෙ විතරක් නෙමෙයි. එක එක වෘත්තීන්වලින් ඉදිරිපත් කරලා තියෙනවා.”

    “ඒත් මේවා කරන්න ඉස්සෙල්ලා කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ඒක කරලා කතා කරන්න තියෙනවා. ඒකේ හානියක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා.”

    “දෙවනුව ඊට වඩා විශාල ප්‍රශ්නයක් තියෙනවා. බැංකු ප්‍රතිව්‍යුහගත කරන්න තියෙනවා. නැත්නම්.. බැංකු ගියා නම් ඔක්කොම ගිහින්.. ආයේ මුකුත් කතා කරන්න දෙයක් නැහැ.”

    “ඒ දෙක අපිට කරන්න තිබෙනවා.. මේකත් යන අතරේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නැතුව අපිට සාකච්ඡාවලට යන්න බැහැ. මම බලන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සැප්තැම්බර් වෙද්දි මේ ප්‍රශ්නය කරලා ඉවර කරලා බංකොලොත් භාවය කියන තීන්දුව ඉවත් කරගන්න.”

    “අපි දැන් මඩේ හිරවෙලා තියෙන්නේ.. හැබැයි කොහොම හරි එළියට එන්න ඕනේ. මම හිතන්නේ මේක තමයි අමාරුම අවුරුද්ද වෙන්නේ.”

    රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු වරප්‍රසාද පිළිබඳ සලකා බැලීමට රජයට හැකි වනු ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026010 Views

    හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල…

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.