වසර 30 ක් පුරා රටම වෙළාගත් එල් ටී ටී ඊ ත්රස්තවාදය පරාජය කරමින් මුළුමහත් රට එක්සේසත් කර රණවිරුවන් අත්කර ගත් යුද ජයග්රහණයට අදට වසර 14 ක් සපිරෙනවා.
2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු එල් ටී ටී ඊ නායකයින් මියයාමත් සමග එල් ටී ටී ඊ ත්රස්තවාදය මෙරටින් සහමුලින්ම අතුගා දැමීමට ත්රිවිධ හමුදා රණවිරුවන් සමත් වුණා.
ඒ, දරුණුතම යුද ගැටුම් පැවැති අවසන් දින කිහිපයේදී සිවිල් ජනතාව ද ආරක්ෂා වන ලෙස ලොවක් මවිත කළ මානුෂීය මෙහෙයුමක් දියත් කරමින්.
පොලීසිය සහ සිවිල් ආරක්ෂක භටයින් ද එහිදී ඉටු කළේ නොනිමි මෙහෙවරක්.
රට වැසියන් වෙනුවෙන් සෑම අසීරු අවස්ථාවකදිම පෙරට එන අභීත රණවිරුවනි, ඔබට අපගේ උත්තමාචාරය.