Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 2025

    හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

    December 7, 2025

    කුෂ් තොගයක් සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

    December 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීනය සහාය ඉල්ලූ කලාපයේ මෙරට නාවික යාත්‍රා නැහැ – නාවික හමුදාව
    International

    චීනය සහාය ඉල්ලූ කලාපයේ මෙරට නාවික යාත්‍රා නැහැ – නාවික හමුදාව

    By LFNMay 18, 2023No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාර්ය මණ්ඩලයේ 39 දෙනෙකු සමග ඉන්දියන් සාගරයේදී අනතුරට ලක්වූ චීන ධීවර යාත්‍රාව මුදාගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණයට එක්වන්නැයි ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඉල්ලීමක් කර තිබේ.

    ලූපෙන් යුවාන්යු 028 ලෙස නම් කෙරුණු අදාළ යාත්‍රාව (16) අලුයම් කාලයේදී අනතුරට ලක්වී තිබුණි.

    චීන ජාතිකයින් 17ක්, ඉන්දුනිසියානු ජාතිකයින් 17ක් සහ පිලිපීන ජාතිකයින් 05 දෙනෙකු සමග ලූපෙන් යුවාන්යු 028 යාත්‍රාව අනතුරට ලක්වී ඇති බව වාර්තා වෙයි.

    මෙම යාත්‍රාව මැයි මස 03 වනදා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් සිට දකුණු කොරියාවේ බූසාන් දක්වා යාත්‍රකරමින් සිටින අතරතුර මෙලෙස අනතුරට ලක්වූ බව වාර්තා විය.

    මෙම යාත්‍රාවේ සිටි නාවිකයින් මුදාගැනීමට සියලු ප්‍රයත්නයන් දරන ලෙස චීන ජනාධිපති ෂි ජින්පින් එරට බලධාරීන්ට දන්වා ඇති අතර ඉදිරියේ දුරස්ථ නාවික මෙහෙයුම්වල අවදානම අවම කිරීම සඳහා පියවර ගන්නා ලෙසද උපදෙස් ලබාදී තිබේ.

    මේ සම්බන්ධයෙන් අප සිදුකළ විමසීමකදී නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ නෞකාව අනතුරට ලක්වී ඇත්තේ ඔස්ට්‍රේලියාවට නිරිත දෙසින් වන ඔස්ට්‍රේලියානු සෝදිසි සහ මුදාගැනීමේ මුහුදු කලාපය තුළ බවය.

    ශ්‍රී ලංකාවට ද මෙහි සෝදිසි සහ මුදාගැනිමේ මෙහෙයුම් සඳහා එක්වන ලෙස දන්වා ඇතත් මේ වනවිට එම කලාපය ආසන්නයේ නාවික හමුදා යාත්‍රා කිසිවක් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    එමෙන්ම නාවික හමුදා යාත්‍රාවක් එම ප්‍රදේශයට යැවීමේ සැලසුමක් දැනට නොමැති බවද නාවික හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ 5ක් මරුට

    December 5, 2025

    ඉම්රාන් ඛාන් ඝාතනය කරලා ?

    November 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 20250117 Views

    පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ…

    හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

    December 7, 2025

    කුෂ් තොගයක් සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

    December 7, 2025

    ආපදා මරණ 627ක් – 190ක් අතුරුදන්

    December 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.