Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025

    උඩදුම්බරට මි.මී 200ට වැඩි වැස්සක් – අනතුරුදායක තැන් මඟ හැර ජීවිත රැකගන්න

    December 18, 2025

    ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට – පහත් බිම්වල සිටින පිරිසට දැනුම්දීමක්

    December 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාස තුනක් ගියත් දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සැලසුම් නෑ
    Featured

    මාස තුනක් ගියත් දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සැලසුම් නෑ

    By LFNMay 16, 2023No Comments2 Mins Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිස්ත්‍රික් සංවර්ධන සළැස්මක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දි මාස තුනක් ඉක්ම ඇතත් ඒ පිළිබඳ දළ සැලැස්මක් හෝ ඉදිරිපත් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරු කටයුතු කර නැතැයි කී අග්‍රාමාත්‍යවරයා යුහුසුළුව හා කඩිනමින් එම සැලසුම ඉදිරිපත් කරන්නැයි අවධාරණය කළේය.

    අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ පළාත් පාලන ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වන කමිටුව අරලියගහ මන්දිරයේදී රැස් වූ අවස්ථාවේදීය.

    පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කෙරුණු විවිධ ව්‍යාපෘති එලෙසම ක්‍රියාත්මක කිරීම, එම ආයතන වල මූල්‍ය ප්‍රතිපාදන කළමනාකරණය, සියලු කටයුතු අධීක්ෂණය හා පවත්වාගෙන යාම ඇතුළු කරුණු හා ක්‍රමවේදයන් රාශියක් මෙම කමිටුව හරහා ක්‍රියාත්මක කෙරෙන අතර එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.

    දිස්ත්‍රික්කයේ ප්‍රමුඛත්වය දිය යුතු අංශ හඳුනා ගනිමින් හැකි ඉක්මනින් දළ දිස්ත්‍රික් සංවර්ධන සැළැස්මක් හෝ කඩිනමින් කමිටුවට යොමු කරන ලෙස කී අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා දිස්ත්‍රික්කය තුළ සිටින නිළධාරීන්ගේ සහාය ලබා ගන්න ලෙස ද උපදෙස් දුන්නේය.

    ඒ ඒ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන සැළසුම්, ක්‍රියාත්මක නොවන සැළසුම් හා සම්පත් පිළිබඳව තොරතුරු ඊට ඇතුළත් විය යුතුව ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා කීවේය.

    දිස්ත්‍රික් සංවර්ධන කමිටු කැදවීම හා නොකැඳවීම සම්බන්ධයෙන් වූ සම්පූර්ණ වාර්තාවක් මේ වන විටත් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සංවර්ධන කමිටු සභාපතිවරු සමග සාකච්ඡා කර ආණ්ඩුකාරවරුන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු කැදවීමට පියවර නොගතහොත් එවැනි නිලධාරීන් වගකිම් ඉටු නොකරන නිලධාරින් ලෙස ජනාධිපති කාර්යාලයට දැනුම් දිමට පියවර ගන්නා බවද කීවේය.

    පළාත් පාලන ආයනවල නිල කාලය ඉකුත් මාර්තු මස 19 වැනිදා අවසන් වූ හෙයින් එම ආයතනවල කටයුතු නිසි පරිදි පවත්වා ගෙන යාම සදහා ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මීට මාස තුනකට පෙර මෙම කමිටුව ස්ථාපිත කෙරිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025

    උඩදුම්බරට මි.මී 200ට වැඩි වැස්සක් – අනතුරුදායක තැන් මඟ හැර ජීවිත රැකගන්න

    December 18, 2025

    ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට – පහත් බිම්වල සිටින පිරිසට දැනුම්දීමක්

    December 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 20250121 Views

    කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.…

    උඩදුම්බරට මි.මී 200ට වැඩි වැස්සක් – අනතුරුදායක තැන් මඟ හැර ජීවිත රැකගන්න

    December 18, 2025

    ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට – පහත් බිම්වල සිටින පිරිසට දැනුම්දීමක්

    December 18, 2025

    නාමල්ගේ ක්‍රිෂ් නඩුව පෙබරවාරියේ කැඳවයි

    December 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.