Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

    April 17, 2026

    මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට

    April 17, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිට වරායට

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාස තුනක් ගියත් දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සැලසුම් නෑ
    Featured

    මාස තුනක් ගියත් දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සැලසුම් නෑ

    By LFNMay 16, 2023No Comments2 Mins Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිස්ත්‍රික් සංවර්ධන සළැස්මක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දි මාස තුනක් ඉක්ම ඇතත් ඒ පිළිබඳ දළ සැලැස්මක් හෝ ඉදිරිපත් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරු කටයුතු කර නැතැයි කී අග්‍රාමාත්‍යවරයා යුහුසුළුව හා කඩිනමින් එම සැලසුම ඉදිරිපත් කරන්නැයි අවධාරණය කළේය.

    අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ පළාත් පාලන ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වන කමිටුව අරලියගහ මන්දිරයේදී රැස් වූ අවස්ථාවේදීය.

    පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කෙරුණු විවිධ ව්‍යාපෘති එලෙසම ක්‍රියාත්මක කිරීම, එම ආයතන වල මූල්‍ය ප්‍රතිපාදන කළමනාකරණය, සියලු කටයුතු අධීක්ෂණය හා පවත්වාගෙන යාම ඇතුළු කරුණු හා ක්‍රමවේදයන් රාශියක් මෙම කමිටුව හරහා ක්‍රියාත්මක කෙරෙන අතර එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.

    දිස්ත්‍රික්කයේ ප්‍රමුඛත්වය දිය යුතු අංශ හඳුනා ගනිමින් හැකි ඉක්මනින් දළ දිස්ත්‍රික් සංවර්ධන සැළැස්මක් හෝ කඩිනමින් කමිටුවට යොමු කරන ලෙස කී අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා දිස්ත්‍රික්කය තුළ සිටින නිළධාරීන්ගේ සහාය ලබා ගන්න ලෙස ද උපදෙස් දුන්නේය.

    ඒ ඒ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන සැළසුම්, ක්‍රියාත්මක නොවන සැළසුම් හා සම්පත් පිළිබඳව තොරතුරු ඊට ඇතුළත් විය යුතුව ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා කීවේය.

    දිස්ත්‍රික් සංවර්ධන කමිටු කැදවීම හා නොකැඳවීම සම්බන්ධයෙන් වූ සම්පූර්ණ වාර්තාවක් මේ වන විටත් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සංවර්ධන කමිටු සභාපතිවරු සමග සාකච්ඡා කර ආණ්ඩුකාරවරුන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු කැදවීමට පියවර නොගතහොත් එවැනි නිලධාරීන් වගකිම් ඉටු නොකරන නිලධාරින් ලෙස ජනාධිපති කාර්යාලයට දැනුම් දිමට පියවර ගන්නා බවද කීවේය.

    පළාත් පාලන ආයනවල නිල කාලය ඉකුත් මාර්තු මස 19 වැනිදා අවසන් වූ හෙයින් එම ආයතනවල කටයුතු නිසි පරිදි පවත්වා ගෙන යාම සදහා ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මීට මාස තුනකට පෙර මෙම කමිටුව ස්ථාපිත කෙරිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026

    හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

    April 16, 2026

    හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට

    April 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,432 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

    April 17, 202602 Views

    පාතාල නායකයෙකුවූ ලොකු පැටීගේ සහෝදරයා වන වන පොඩි පැටී නොහොත් ලත්තුවාහන්දි සුගත් නුවන් කුමාර නමැත්තා…

    මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට

    April 17, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිට වරායට

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.