Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

    December 13, 2025

    ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

    December 13, 2025

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන IMF වෙතින් පුරෝකථනයක්
    Hot News

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන IMF වෙතින් පුරෝකථනයක්

    By LFNMay 16, 2023No Comments3 Mins Read215 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ පුරෝකථනයක් සිදුකළේය.

    ඔවුන් පැවසුවේ 2023 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය 3%කින් පමණ සංකෝචනය විය හැකි බවය.

    නමුත් 2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.5කින් පමණ වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා-පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පැවසීය.

    ඔහු මේ බව පැවසුවේ IMF නියෝජිතයින් එක්ව ඊයේ කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදීය.

    ඔහු තවදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය සැප්තැම්බර් මාසය වනවිට සම්පූර්ණ කළ හැකි බවය.

    ශ්‍රී ලංකාවට ලබාදුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පළමු සමාලෝචනයද සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙයි.

    එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා,

    “2023 වසරේදී මෙරට ආර්ථිකය 3%කින් හැකිලෙනු ඇති අතර ලබන වසරේ 1.5%ක වර්ධනයක් ලබනු ඇතැයි අපෙක්ෂා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහන ශ්‍රී ලංකාවේ ආර්ථික ආර්බුදය අවසන් කොට ස්ථාවරත්වයක් ගොඩ නගමින් තිරසාර වර්ධන මාවතකට අවතීර්ණ වීම සඳහා සියලුම ශ්‍රී ලාංකිකයන්ට එක්ව කටයුතු කිරිමට අවස්ථාවක්. ඒ සඳහා සහාය වීමට මූල්‍ය අරමුදල සූදානම්. ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය සඳහා ලක් රජය සද්බාවයෙන් යුතුව ද්විපාර්ශික සහ පෞද්ගලික ණය හිමියන් සමග සාකච්ඡාවල එළඹී සිටින අතර එම ක්‍රියාවලිය ලබන සැප්තැම්බර් හෝ ඔක්තෝබර් සිදුකෙරෙන විස්තීරණ ණය මුදලේ පළමු ඇගයීමට පෙර අවසන් වනු ඇතැයි අපෙක්ෂා කරනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා මූල්‍ය අරමුදල මැදිහත් නොවන අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයකදී මූල්‍ය ස්ථාවරත්වය සහතික විය යුතුයි.”

    එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සර්වාට් ජහාන් මහත්මිය ,

    “ලාභ උපයීමකින් තොරව රාජ්‍ය ආයතන රජයේ වියදම් ඉහළ නැංවීමට හේතු වී තිබෙනවා. පිරිවැය ආවරණය වන විදුලි හා ඉන්ධන මිල සැකසුම් ක්‍රියාවලිය මුල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක වන වසර 04 පුරා ක්‍රියාවට නැංවිම අවශ්‍යතාවක්. වසර 04ක කාලයක් සඳහා ශ්‍රී ලංකාව ලබාදෙන ඩොලර් බිලියන 03ක විස්තීරණ ණය මුදල 2037 වසරේ ගෙවා නිමකරණ තෙක් ඒ සඳහා පොලී අනුපාතයේ සාමාන්‍යය 5%ක් පමණ වනු ඇති.”

    එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්,

    “සමාජ ආරක්ෂණ වියදම් සඳහා වෙන්කරණ මුදල රජය විසින් තීරණය කළ යුතු අතර ඒ සඳහා මූල්‍ය ප්‍රවාහක් පවත්වාගන්නා ලෙස අප රජය දිරිගන්වනවා. මේ වසරේදී එය දළ දේශීය නිෂ්පාදනයෙන් 0.6%ක් පමණ වන අතර වැඩසටහන ක්‍රියාත්මක කාලය පුරාම මෙම සමාජ ආරක්ෂණ තුළ පවත්වා ගෙන යාමට අප රජය දිරිගන්වනු ලබනවා. ආර්ථික වතාවරණ වැඩිදියුණු වූ විට මෙම වැදගත් වැඩසටහන සඳහා වැඩි මුදලක් වෙන්කිරීමට හැකිවනු ඇති. ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුධයෙන් ජනතාවට දැඩි පීඩාවන්ට මුහුණ දීමට සිදු වුණා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැමිණ බලධාරීන් සමඟ එම අර්බුධයෙන් මිදීම සඳහා ක්‍රියාවට නැංවිය යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මෙම ක්‍රියාවලි දෙකම එකිනෙකට සම්බන්ධ අතර ජනතාව ඇතැම් විට ඊට අකැමති විය හැකියි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොමැති විට ඇතිවන තත්ත්වය සඳහා ශ්‍රී ලංකාව හොඳ උදාහරණයක්. මූල්‍ය අරමුදල මෙහිදී සිදු කළේ මෙම දුෂ්කර යථාර්ථයෙන් ප්‍රකෘත්තිමත් වීමේ පරිවර්තනය සඳහා මූල්‍ය සහායක් ලබා දීමයි. ඊට ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරලීම සඳහා යම් ඉඩ කඩක් සකස් කිරීමට එමඟින් හැකි වුණා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රට යළි ගොඩනැගීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

    December 11, 2025

    රතු නිවේදනයට අනුව ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ඉවත්කිරීමට දැනුම්දීමක්

    December 9, 2025

    ආපදා මරණ 627ක් – 190ක් අතුරුදන්

    December 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

    December 13, 20250121 Views

    ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම…

    ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

    December 13, 2025

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025

    උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

    December 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.