Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඩෙංගු අධි අවදානම් කලාප මෙන්න
    Hot News

    ඩෙංගු අධි අවදානම් කලාප මෙන්න

    By LFNMay 15, 2023No Comments2 Mins Read305 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසරේ මැයි පළමු වැනිදා සිට මේ දක්වා ගෙවුණු දින 14 තුළ පමණක් රට පුරා ඩෙංගු රෝගීන් 4,000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    වසරේ මේ දක්වා ගතවූ මාස 5 තුළ පමණක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,000කට අධිකය.

    මේ දිනවල පවතින වැසි තත්ත්වය එක්ක ඩෙංගු සීඝ්‍ර්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.

    මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ දහවල් දක්වා කාලය තුළ ජාතික ඩෙංගු මර්දන ඒකකයට සමස්ත දිවයිනෙන්ම වාර්තා වී තිබුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,656 කි.

    එමෙන්ම මේ දක්වා ඩෙංගු මරණ 20ක් වාර්තා වී තිබේ.

    ඒ අතරින් ගෙවුණු සතිය, එනම් මැයි පළමු වනදා සිට 7 වනදා දක්වා කාලය තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

    එම සංඛ්‍යාව 475 කි.

    දෙවනුවට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වන 412දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, රෝගීන් 136ක් මහනුවර දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී තිබුණි.

    ඒ අනුව ගෙවුණු සතියේදී පමණක් ඩෙංගු රෝගීන් 1,954 දෙනෙක් මෙරටින් වාර්තා වී තිබූ අතර ඉන් සියයට 51.7ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

    ඩෙංගු රෝගීන් වාර්තාවන ප්‍රමාණය අනුව රට තුළ අධි අවදානම් කලාප කිහිපයක් ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් මේ වන විට නම් කර තිබේ.

    කොළඹ දිස්ත්‍රික්කයේ එම කලාප වන්නේ,

    කොළඹ මහ නගර සභා සීමාව
    ගොතටුව
    පිළියන්දල
    කඩුවෙල
    මහරගම සහ බත්තරමුල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයන්ය.

    ගම්පහ දිස්ත්‍රික්කයේ,
    වත්තල
    මීගමුව
    බියගම
    රාගම සහ ජාඇළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ ද අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

    ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන්නේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල, කොළඹ ජාතික රෝහල, අයි.ඩී.එච්. , කළුබෝවිල ශික්ෂණ රෝහල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහනුවර ජාතික රෝහලේය.

    මේ අතර ප්‍රදේශ රැසක ඩෙංගු මර්දන වැඩසටහන් සහ දැනුවත් කිරීම් අදත් ක්‍රියාත්මක කෙරුණි.

    බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සංවිධාන කෙරුණු ඩෙංගු මර්දන වැඩසටහනක් අද පෙරවරුවේ පැවැත්වුණේ මෝදර, ලෙල්ලම ප්‍රදේශයේදීය.

    ඊට ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු පිරිසක් එක්වුණි.

    මෙහිදී නිවාස සහ වෙනත් පරිශ්‍ර ධූමායනය ද සිදුකෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෛපොංගල් දිනය අදයි

    January 15, 2026

    ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්

    January 10, 2026

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    January 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 20260125 Views

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය…

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026

    මත් සැකකරුවන් 925ක් අත්අඩංගුවට

    January 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.