Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් අත්අඩංගුවට

    May 14, 2026

    ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය සහ ජවිපෙ ලේකම් අතර හමුවක්

    May 14, 2026

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තනතුරු තාන්න මාන්න අපිට එපා
    Featured

    තනතුරු තාන්න මාන්න අපිට එපා

    By LFNMay 14, 2023No Comments2 Mins Read208 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විපක්ෂයක් ලෙස රාජ්‍ය පාර්ශ්වයේ අඩුපාඩු කම් පෙන්වා දුන්නත් ප්‍රබුද්ධ දේශපාලන ක්‍රමයක් තුළ සුබවාදී, හරවත්, ධනාත්මක දෙයක් වෙන විට ඒ දිහා ප්‍රශංසා නොකර අහක බලන් සිටිය නොහැකි බවත් හොද දේ හොද යැයි අගය කිරීමට කශේරුකාවක් තිබිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ බංකොලොත් ශ්‍රී ලංකාව එම බංකොලොත්භාවයෙන් ගොඩ ගන්නා ක්‍රියාදාමයේ දී රටට යහපත් දෙයක් වෙනවා නම් එය අගය කරන බව ය.

    ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ තෛපාර්ශ්වීය ආණ්ඩුකරණය වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පිළිගන්නා බවත් එහි බලය බෙදී යාම තිබිය යුතු බවත් මේ ආයතන 03 අතර සංවරණ සහ තුලන ඉතාමත් ම වැදගත් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආංශික අධික්ෂණ කාරක සභා 17කට තරුණ තරුණියන් 530ක් සහභාගී වන්නේ සංවරණ සහ තුලන ක්‍රියාවලිය මනාලෙස ක්‍රියාත්මක කිරීමට බවත් පැවසීය.

    ිවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (13) ආංශික අධික්ෂණ කාරකසභාවල තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩමුළුවට එක් වූ අවස්ථාවේ දීය.

    අද අප රට ගන්නා මේ ක්‍රියාව ලෝකයේ සෙසු රටවල් හා සංසන්දනය කර බලන විට ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වලින් තාරුණ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදායමයට සහාය වීමට අවස්ථාව ලබා දෙන අංක 01 ක්‍රියාවලිය ලෙස හැඳින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. තරුණයන් විසින් අතීතයේ විවිධ කැරලි ඇති කළ බවත් ඒ අමිහිරි අතීතය මතක් නොකළත් එයින් පාඩම් ඉගෙන ගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 2023 මේ කතා කරන කියන දේ 1990 තරුණ අසහන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ බවත් ඒ යෝජනා ගණනාවලින් 1ක් අද හෝ ක්‍රියාත්මක වීම පිළිබඳ සත-ුටට පත්වන බවත් හෙතෙම පැවසීය.

    ප්‍රතිපත්ති, න්‍යාය හා දර්ශන මත විවිධ පරස්පරතා මත සිටියත් රටේ පොදු යුතුකම උදෙසා එකට එකතු වීමේ කාලය එළැඹ ඇති බවත් එය රටට අගයක් එකතු කිරීමක් මිස තනතුරු තාන්න මාන්න පට්ටම් බෙදා ගැනීම නොවන බවත් මේ ගනු ලැබූ ප්‍රශස්ත පියවර තවදුරටත් ඉදිරියට ගෙන යන්න කොන්දේසි විරහිතව සහාය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය සහ ජවිපෙ ලේකම් අතර හමුවක්

    May 14, 2026

    ඉදිරි පැය 36 තුළ පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට – අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    May 14, 2026

    අවධානයෙන් ඉන්න ! කාලගුණයේ අලුත්ම දැනුම්දීම

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් අත්අඩංගුවට

    May 14, 202600 Views

    ඇල්ල සංචාරක ස්ථාන වෙත පැමිණෙන තරුණ ආදරවන්තයන්ට අපරාධ රැසක් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…

    ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය සහ ජවිපෙ ලේකම් අතර හමුවක්

    May 14, 2026

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    May 14, 2026

    ලෝක බලවතුන් දෙදෙනා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙයි

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.