Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ක්‍රමය වෙනස් කරන්න නම් ක්‍රමයට ඇතුල් වෙන්න
    Featured

    ක්‍රමය වෙනස් කරන්න නම් ක්‍රමයට ඇතුල් වෙන්න

    By LFNMay 14, 2023No Comments1 Min Read220 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ක්‍රමය වෙනස් කරන්න නම් ප්‍රථමයෙන්ම ක්‍රමයට ඇතුළත් වන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභා සමග සම්බන්ධවීමට තෝරා ගැණුනු තරුණ නියෝජිතයන් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සමග සම්බන්ධවීමට තෝරා ගැණුනු තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා ඊයේ (13) මේ බව පැවසීය.

    මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු වලට බාහිරින් තරුණ නියෝජිතයින් තෝරාගන්නා ලෝකයේ පළමු අවස්ථාව මෙය බවයි. මේ නිසා මෙය ඓතිහාසික අවස්ථාවක් බවත් මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස තමන් මෙම තරුණ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    සංශෝධනය කළ ස්ථාවර නියෝග යටතේ මෙම තරුණයින්ගේ සහභාගීත්වය සිදු වන්නේ පාර්ලිමේන්තු කමිටු සාමාජිකයින් ලෙස බවත් හුදෙක් නිරීක්ෂකයින් ලෙස නොවන බවත් මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය. මේ නිසා කමිටුවේ කාර්යන්වලදී මන්ත්‍රීවරුන්ගේ වාර්තාවට අමතරව මෙම තරුණ නියෝජිතයින්ගේ අදහස්ද ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. එබැවින් ක්‍රමවේදය වෙනස් කිරීමට ක්‍රමවේදයට ඇතුළත්වීම මුලින්ම කළයුතු බවත් ඒ සඳහා මෙය හොඳ අවස්ථාවක් වන බවත් ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.